June 18, 2015 at 3:50 pm | lanka C news
නෙළුම් කුලූන ව්‍යාපෘතියේ විදුලි සෝපාන සහ ගමන් කරන තරප්පු සැපයීමේ සහ
සවි කිරීමේ රුපියල් කෝටි හතළිස්පහක් වටිනා කොන්ත‍්‍රාත්තුව නීති රීතිවලට
පටහැනිව ප‍්‍රදානය කිරීමේ උත්සාහයක් ඇතැයි වාර්තාවේ.විදුලි සෝපාන සහ ගමන් කරන තරප්පු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ජපානයේ ෆියුජිටෙක් (Fujitec) ආයතනයට පිරිනැමීමට ව්‍යාපෘතියේ ඉන්ජිනේරුවන් උපදේශන කාර්යභාර මොරටුව විශ්වවිද්‍යාලයේ උපදේශන ඒකකයෙන්ද,තාක්ෂණික උපදෙස් අනුකමිටුවකින්ද නිර්දේශ කෙරී ඇතත්,එම කොන්ත‍්‍රාත්තුව ආයතනයේ උසස් නිලධාරියෙකුගේ තනි කැමැත්තට වෙනත් ආයතනයකට පැවරීමට කටයුතු සිදු වෙමින් ඇතැයි දැනගන්නට ඇත.
කොන්ත‍්‍රාත්තුව පැවරීමට සිටින කොන්ත‍්‍රාත්කරුගේ සැපයුම් භාණ්ඩ ප‍්‍රමිතියෙන් තොරව බව කියන අතර ඒවා සවි කිරීමට කුලූනේ සැලැසුම් (Structure) පවා වෙනස් කිරීමට සිදුවන බැවින් ඒ සදහා රුපියල් දස කෝටියක පමණ අමතර වියදමක් දැරීමට සිදුවන බවද දැනගන්නට ඇත.
– මව්බිම
No comments:
Post a Comment