June 18, 2015 at 2:10 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පන්සල් යාම සම්බන්ධයෙන් ජනතාව
විරෝධය පල කරන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරැණිකා පේ‍්‍රමචන්ද්‍ර
මෙනවිය පවසයි.කොලඹදී මාධය හමුවක් අමතමින් ඇය කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා දැන් කල යුත්තේ පන්සල් ගානේ යාම නොව පක්‍ෂයට උපදෙස් දීම බවයි.
‘ජනාධිපතිවරණයකින් පරාජයට පත්ව ගෙදර ගිය එකම ජනාධිපති වන මහින්ද රාජපක්ෂ මහතා නිසා අගමැතිකම ඉල්ලීම සදාචාරාත්මක නෑ. රාජපක්ෂ මහතා දැන් කළ යුත්තේ අපේ පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙස අප කටයුතු කිරීමේදී සිදුවන අඩුපාඩුකම් පිළිබදව සොයා බලා ඒවා නිවැරැදි කර ගැනීමට උපදෙස් ලබා දීමයි. හිටපු ජනාධිපතිවරයා පන්සල් ගාණේ යනවටවත් ජනතාව විරුද්ධකම් පානවා’ යයිද ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.
No comments:
Post a Comment