Tuesday, June 16, 2015

පවිත්‍රා මහින්ද වෙනුවෙන් රත්නපුරේ වැඩ අරඹයි


රත්නපුර නව නගරශාලාවේ පැවැති ශ්‍රීලනිප පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සබරගමුව පළාත් සභාවේ සභාපති කන්චන ජයරත්න මැතිතුමා ,රත්නපුර නගර සභාවේ උපනගරාධිපතිතුමන් ඇතුලු මන්ත්‍රීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ. එක්සත් ජාතික පක්ෂ ඊනියා රජය කරගෙන යන රට විනාශ කිරීමේ සැලසුම් ගණනාවක් පිළිබදව මෙහිදී පාක්ෂිකයින් දැනුවත් කරන ලදි. රට නැවත ගොඩ නැගිය හැක්කේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයක් ස්ථාපිත කිරීමෙන් පමණක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය මෙහිදී අවධාරණය කළාය.




No comments:

Post a Comment