Monday, June 15, 2015

වාලම්පුරි මුදලාලිලාගේ "ශ්‍රී ලාංකීය අභිමානය"

අරුණ වාසලමුදලි විසිනි

ශ්‍රී ලංකාවේ ස්වදේශීකයින්ට නම් අද විශේෂ දවසක්. ඒ වෙනකක් නිසා නොවේ.සිය අසහාය නායකයා වෙනුවෙන් අද දින මාතර දී පැවැත්වුණ මහා ජන රැලිය නිසයි.මෙම රැලියට "ටොයි රජයේ" ද පූර්ණ අවදානය ලක්වී තිබූ අයුරු අන්තර් ජාල විකාශයට බාධා කිරීමෙන්ම පැහැදිලියි.එහෙත් ටොයි රජය සහ සිය මාධ්‍ය සහචරයින් නම් අද හැසිරුනේ අද මාතර රැස්වීමක් තිබුනේ නැහැ වගේ. ලක්ෂ 10ක් පැමිණි දිවයිනේ මෙතෙක් පැවති විශාලතම ජන රැලිය ටොයි මාධ්‍ය සහචරයින්ට පෙනුණු හැටි විමසා බලමු.
"ශ්‍රී ලාංකීය අභිමානය" නමින් රූපවාහිනී නාලිකාවක් ඇත.එය මහින්ද රාජපක්ෂ පාලන සමයේ එම රජයට ඉතා සුවච ලෙස හැසිරුණු නාලිකාවකි.අපේ බසින් කියන්නේ නම් එකසිය විස්සට දෙසිය විස්සක් කඩේ ගිය නාලිකාවකි.සැබවින්ම මෙම නාලිකාව " ශ්‍රී ලාංකීය අභිමානය" හඳුනන්නේ දැයි විමසා බලමු. අද දින වන විට ශ්‍රී ලාංකීය අභිමානය ලෙස ලොවට පෙන්විය හැකි එකම වස්තුවක් අප හට තිබේ. ඒ "මහින්ද රාජපක්ෂ " චරිතයයි. 30වසරක යුද ගිනි දැල් නිවූ දුටුගැමුණු ,වළගම්බා පරපුරේ අසමසම චරිතයයි.එහෙත් "ශ්‍රී ලාංකීය අභිමානය" නමැති නාලිකාවට මහින්ද චරිතය "ශ්‍රී ලාංකීය අභිමානයක් " ලෙස දැන් නොපෙනෙන්නේ මන්ද?
මෙම නාලිකාව එක්තරා මිථ්‍යා දෘෂ්ටිකයකුගේ "වාලම්පුරි ප්‍රොමෝෂන් එකකට "උදේ පැයක් පමණ වෙන්කරයි. සැබවින්ම රටේ මිනිසුන් අධර්මිෂ්ටව විනාශ වෙමින් දහම් පිපාසිතව සිටින මෙවන් යුගයක ඔවුන්ට "ධර්මය" ලෙස පෙනෙන්නේ "වාලම්පුරියකි". ඒ "ශ්‍රී ලාංකීය අභිමානය" නිසා විය යුතුය.
එහෙව් නාලිකාව අද දින මහින්දගේ රැලියට රාත්‍රී 8.00 පුවත් විකාශයෙන් වෙන්කළේ තප්පර 30 කි. ඒ පුවත් විකාශයෙන් විනාඩි 30 කට පසු හෙවත් රාත්‍රී 8.30 ටයි.බන්ධුල ගුණවර්ධන ගේ කතාවෙන් වැඩකට නැති තප්පර 10 කුත්,විමල් වීරවංස ගේ ගේ කතාවෙන් වැඩකට නැති තප්පර 10 කුත් එහි අඩංගු ව තිබිණි.සැබෑ සිංහලයින් හට පුවත් බැලීම කෙසේ වෙතත් පුවත් ඇසීමත් "ඇලජික්" වූ මෙවන් කාලයක "ශ්‍රී ලාංකීය අභිමානය" විසින් ශ්‍රී ලාංකික අපගේ අභිමානයට එල්ල කරන පහර නම් මරේ මරුය.

No comments:

Post a Comment