Wednesday, June 17, 2015

යුධ අපරාධ වාර්තාව කල් දැම්මේ මෛත‍්‍රීට හොඳ හිත පෙන්වන්නයි.. සැප්තැම්බරයේ දානවාමයි..

යුධ අපරාධ වාර්තාව කල් දැම්මේ මෛත‍්‍රීට හොඳ හිත පෙන්වන්නයි.. සැප්තැම්බරයේ දානවාමයි.. ශ‍්‍රි ලංකාවේ සිදු වු බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමිසම විසින් සැකසූ වාර්තාව එන සැප්තැම්බර් මාසයේදී කවුන්සිලයට ඉදිරිපත් කිරීමට කලින් ශ‍්‍රී ලංකා බලධාරීන් වගවීමේ සහ ජන කොටස් අතර සංහිදියාව වර්ධනය කිරීමේ විශ්වසනීය යාන්ත‍්‍රණයක් වෙත යොමු වනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාල් අල් හුසේන් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සැප්තැම්බර් මාසයට කලින් මෙවැනි යාන්ත‍්‍රණයක්  ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් තම සංවිධානය ශ‍්‍රී ලංකා බලධාරීන් සමග දිගින් දිගටම අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිළිබදව ශ‍්‍රී ලංකා රජයට සිය ප‍්‍රසාදය පළ කළ මහ කොමසාරිස්වරයා මෙය විධිමත් ලෙස ක‍්‍රියාත්මක කළහොත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිළිබදව නව බලාපොරොත්තු ඇති කර ගැනීමට හැකි වන බව ද  කියා සිටියේය.
කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුධ අපාරාධ වාර්තාව නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හොදහිත පළකිරීමක් වශයෙන් එය ලබන සැප්තැම්බර් මාසයට කල් දැමීමට මානව හිමිකම් කවුන්සිලය තීරණය කල බවද ඔහු කියා සිටියේය.
498 Viewers

No comments:

Post a Comment