ප‍්‍රසන්නට එරෙහි විනය පරීක්‍ෂණයක්.. ප‍්‍රසන්න ඉවත් කිරීමේ මෙහෙයුමට චන්ද්‍රිකා අත ගසයි..
June 18, 2015 at 4:05 am | lanka C news
මහින්ද රාජපක්ෂ මහ ඇමති කිරීමේ සටනේ පුරෝගාමියෙකු වන බස්නාහිර මහ ඇමති
ප‍්‍රසන්න රණතුංග මහතා ඉවත් කිරීමට ආණ්ඩුව නව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි
වාර්ථා වේ.මහ ඇමතිවරයා ඉවත් කිරීමේ මෙහෙයුමට මෙවර අත ගසා ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. මීට පෙර ඇය මෙම මෙහෙයුම ඇමති රාජිත සේනාරත්න මහතාට බාරදි තිබිණා. මීට සතියකට පමණ පෙර හිටපු ජනාධිපතිනිය මහ ඇමතිවරයා දිවයිනේ නොමැති අවස්ථාවකදී සිය කොළඹ නිවසට පළාත් සභා මන්ත‍්‍රීවරුන් කීප දෙනෙකුද කැදවා තිබේ. ඒ අතර ගාමිණී තිලකසිරි ,රංජිත් සෝමවංශ යන පළාත් සභා අමාත්‍යවරුද ඉසුර දේවප‍්‍රිය, මංජුල බුද්ධදාස, උපාලි ගුණරත්න, මල්ෂා කුමාරතුංග, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර , සුමිත් ලාල් මෙණ්ඩිස්, හෙක්ටර් බෙත්මගේ යන මන්ත‍්‍රීවරු ද ඊට සහභාගී වී තිබේ.
ප‍්‍රසන්නව පාලනය කරගත නොහැකි බැවින් ඔහු ඉන් ඉවත් කල යුතු බව මෙහිදී පවසා ඇති කුමාරතුංග මහත්මිය රණතුංග මහතාගේ පවුලේ අයටද ඔහු අවනත නැතැයි සදහන් කර ඇතැයි වාර්තා වේ. පසුගිදා රණතුංග මහතාගේ නිවසේ පැවති ගම්පහ දිස්ත‍්‍රික් ශ‍්‍රී.ල.නි.ප මන්ත‍්‍රී සමුළුවේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කල යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව පිලිබදවද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡ වී තිබේ. ඉසුර දේවප‍්‍රිය මන්ත‍්‍රීවරයා සිය අයිපෑඞ් උපකරනයෙන් රණතුංග මහතාගේ නිවසේ පැවති සාකඡ්චා පිලිබදව ඔහුගේ (මහ ඇමතිවරයා) මුහුණු පොතේ සදහන් දර්ශන ද සාකච්ඡ වේ සිටි සෙසු අයට පෙන්වා ඇතැයි වාර්තා වේ.
රණතුංග මහතා දිවයිනට පැමිණි පසු ඔහුට සාකඡ්චාවට සහභාගී වූ මන්තී‍්‍රවරයෙකු එහි සියලූ තොරතුරු දැනුම් දී ඇත.
මහ ඇමතිවරයා ඉවත් කිරීමේ දෙවන සාකච්ඡුාව පවත්වා ඇත්තේ 15 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. සාකච්ඡව අතරතුර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද එම ස්ථානයට පැමිණ ඇත. මහ ඇමතිවරයගේ නිවසේ පැවති සාකච්ඡවේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්‍ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීමට කෙරුණු යෝජනාව පදනම් කරගනිමින් මහ ඇමතිවරයාට එරෙහිව විනය පරීක්ෂනයක් කැදවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වී ඇති අතර මහ ඇමතිවරයාට විරෝධය පළ කිරිමේ මාධ්‍ය හමුවක් පැවැත්වීමටත් එය පදනම් කර ගනිමින් මහ ඇමතිවරයාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමටත් මෙහිදී තීරණ කර ඇත. මාධ්‍ය හමුව කැදවීමේ වගකීම පවරා ඇත්තේ ඉසුර දේවප‍්‍රිය මන්ත‍්‍රීවරයාටය.
15 වන දින සවස කොලඹ විජේරාම මාවතේ පිහිටි පාඨලී චම්පික රණවක ඇමතිවරයාගේ නිවසේදී ද මේ පිලිබද තවත් සාකච්ඡවක් පවත්වා ඇත. එහිදී පසුදින පැවැත්වීමට නියමත මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කල යුතු කරුණු පිළිබද පාඨලී චම්පික රණවක ඇමතිවරයා මෙම පළාත් සභා මැති ඇමතිවරුන්ට උපදෙස් පන්තියක්ද පවත්වා ඇත. මෙම සාක්ච්ඡව පැවැත්වෙන ස්ථානයේ සිටි පුද්ගලයෙකු මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතාට එය අසන්නට සලස්වා තිබේ.
පසුදින (16) පැවති මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කෙරුණු කරුණු වලට පිලිතුරු දීම සදහා මහ ඇමතිවරයා ප‍්‍රමුඛ මහින්ද හිතවාදී මන්ත‍්‍රීවරු එදිනම සවස පැවති මාධ්‍ය හමුවට සහභාගී වුයේ උදෑසන ඉසුර දේවප‍්‍රිය මහතා ඇතුලූ කණ්ඩායම පැවැත්වූ මාධ්‍ය හමුවේ සම්පුර්ණ දර්ශන ඇතුලත් වීඩියෝ පථයක් නැරඹීමෙන් පසුවය.
මෙම කුමන්ත‍්‍රණය පිලිබද අප කල විමසුමකට පිලතුරු දුන් මහ ඇමති ප‍්‍රස්න්න රණතුංග මහතා සදහන් කලේ අවස්ථා ගණනාකදී තමා ඉවත් කිරීමට මෙවැනි කුමන්ත‍්‍රණ සිදු කෙරුණ බවයි. මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිම තමන්ව මෙම තනතුරෙන් ඉවත් කිරීමට උත්සහ දැරීමට හේතුවක් වී ඇති බව පෙන්වා දුන් මහ ඇමති වරයා කුමන කුමන්ත‍්‍රණ සිදු කෙරුණද තමන් බස්නාහිර පළාත් මහ ඇමති දුරයෙන් ඉවත් කිරීම ආණ්ඩුවට පහසු නොවනු ඇතැයි අවධාරණය කළේය. මහින්ද අගමැති කර මිස මෙම අරගලය නතර නොකරන බවද ඔහු අවධාරණය කළේය.
– සමීර සමරසිංහ
No comments:
Post a Comment