June 16, 2015 at 6:25 pm | lanka C news
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද රැස්වූ
ශ‍්‍රීලනිප සියලුම සංවිධායකවරුන්, පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ
හමුවේදී ඉදිරි මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට මෙහෙයවීම හිටපු ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර සම්බන්දීකරණයට
හයදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.අනුර ප‍්‍රියදර්ශණ යාපා, ජෝන් සෙනෙවිත්න, ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගෙන් එම කමිටුව අද දිනයේ හිදිසියේ පත් කර ඇත්තේ දින දෙක තුනකට කලින් සිදු වූ විශේෂ හමුවක ප‍්‍රතිඵල ලෙසයි.
මෙම විශේෂ හමුව සිදුව ඇත්තේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් සෙනෙවිරත්න යන සිවුදෙනා අතරයි.
මෙම ශ‍්‍රිලනිප ප‍්‍රබලයන් ජනාධිපතිවරයාට සිවු දෙනා දන්වා ඇත්තේ කැමති වුණත් නැතත් ඇත්ත තත්වය නම් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයා නැතිව ඉදිරි මැතිවරණය කිසිසේත්ම ජයග‍්‍රහණය කල නොහැකි බවයි.
මේ නිසා එන මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ශ‍්‍රීලනිප අයිතියත් රැගෙන තමන් සිවු දෙනාටද ඔහු සමඟ යන්නට සිදුවන බවද මෙම පිරිස අවධාරණය කර ඇත.
අද දිනයේ පවත්වන ලද ශ‍්‍රිලනිප මහජන නියොජිතයන්ගේ හදිසි හමුව සිදුව ඇත්තේ එම සාකච්චාවෙන් අනතුරුවයි. ශ‍්‍රීලනිපය කැඩුණු අවස්ථාවල පක්‍ෂයට සිදු වූ හානිය, එසේ කැඩුණු සියළු අවස්ථාවන්වලදී පක්‍ෂය පරාජයන් ලැබූ ආකාරය, අද පැවති එම සාකච්චාවේදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා තමන් සමඟ මෙම ගමන යාමට එක්වන ලෙස ශ‍්‍රීලනිප මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව අදහස් පල කරමින් මන්ත‍්‍රී කුමාර වෙල්ගම ‘බොරු කරන්න දෙයක් නෑ. රටම ඉන්නෙ මහින්දත් එක්ක. එතුම අගමැති අපේක්‍ෂකය විදිහට නම් කරල කරනව නම් කරමු. නැතිනම් මේක වෙන්නෙ නෑ’ යනුවෙන් සෘජුව සභාවට පවසා තිබේ.
බන්දුල ගුණවර්ධණ, ධනසිරි අමරතුංග ආදීන්ද ඊට පක්‍ෂව අදහස් පල කර ඇති අතර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හා ප‍්‍රසන්න සෝලංගආරච්චි අදහස් පල කරන්නට සූදානම් වූ අවස්ථාවේ සභාවෙන් එල්ල වූ දැඩි විරෝධය මත ඔවුන් අදහස් පල කර නැත.
රජිත සේනාරත්න හෝ එස්.බී. දිසානායක වචනයක් හෝ කතා කර නැති අතර අවසානයේ ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ තමන්ට නම් ඒ සම්බන්ධයෙන් ගැටළුවක් නැති බවත් ඒ සම්බන්දයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට කමිටුවක් පත් කිරීමටත් ඒ සඳහා සුදුසු නම් යෝජනා කරන ලෙසත් ඉල්ලා ඇත. ඒ අනුව ඉහත පිරිසගෙන් සැදුම්ලත් කමිටුව නම් කර තිබේ. එම කමිටුව මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් පාර්ශවයේ පිරිසගෙන් සමන්විත වීම මෙන්ම මෛත‍්‍රී පිලේ කිසිවෙකු මෙම කමිටුවට විරෝධයක් දක්වා නැතිවා සේම කිසිවෙකු නම් කිරීමටද එතරම් උනන්දුවක් නොදැක්වීමද විශේෂය.
කෙසේ වෙතත් මේ තත්වය පිළිබඳව මහින්ද මහතාට හිතවත් මන්ත‍්‍රී පිරිස් අතර සාකච්චෙ වෙමින් ඇත්තේ නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් සෙනෙවිරත්න යන ප‍්‍රබලයින් විසින් කල දැනුම්දීම සලකා බලමින් අඩියක් පස්සට ගෙන පක්‍ෂයේ අයිතිය තමන් අතට ගැනීම සඳහා කාලය ගැනීමට මෙම උපාය තෝරා ඇති බවකි. හය දෙනාගේ කමිටුව එම කටයුතු සඳහා කාලය ගන්නා අතරවාරයේ නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් සෙනෙවිරත්න පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කර අලූත් නිලධාරීන් පත් කිරීම මඟින් මෙම තත්වය කලමණාකාරනය කිරීමට මෛත‍්‍රි පිල උත්සාහ දරන බවක් පෙනී යන්නේ යයිද සැක පල වෙමින් ඇතැයි එම පිරිස් කියති.
24,170 Viewers
No comments:
Post a Comment