මේ රජය යටතේ අද වන විට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා.
අතුරු අයවැයෙන් සහන යෝජනා නිසා රජයේ වියදම ඉහළ ගිහින්. ඒත් ඒවාට අවශ්‍ය
ආදායම රැස්‌කරන්න යෝජනා කළ, අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ පනත්
පාර්ලිමේන්තුවට ගෙනවිත් නැහැ. මේ තුළ දිනෙන් දිනම අයවැය පරතරය විශාල ලෙස
ඉහළ යමින් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව ගිය වර්ෂය (2014) සඳහාම
භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලින් ගත්තේ රු. කෝටි 26000 යි. මේ ආණ්‌ඩුව
මේ ගෙවී ගිය මාස කිහිපයට පමණක් රු. කෝටි 28200 ක් ණයට අරන්. මේ නිසා අද
පිංපඩිය ගෙවා ගැනීමටත් බැරි තත්ත්වයක් ඇතිවෙලා. රුපියල වේගයෙන් කඩා
වැටෙනවා. මේ වසර අග වනවිට ඩොලරය රු. 148 ට රු. 150 ට යන්න ඉඩ තිබෙනවා.
රුපියල පිරිහෙමින් පවතින මේ තත්ත්වය හමුවේ අපනයනකරුවන් තමන්ගෙ ඩොලර් ආදායම්
රටට ගේන්නෙ නැති තත්ත්වයකුත් තියෙනවා. මේ තත්ත්වය, රුපියල පිරිහීමට
හේතුවක්. මේ විනිමය අනුපාතයට තිබෙන පීඩනය නිසා අපේ ආනයනික අත්‍යවශ්‍ය ආහාර
ද්‍රව්‍ය සියල්ලේම මිල ඉහළ යනවා. දැනටමත් පරිප්පු, කඩල, ටින්මාළු, අල,
ලූනු ඇතුළු භාණ්‌ඩ බොහොමයක මිල ඉහළ ගිහින්. එළවළු මිලත් ඉහළ ගිහින්. මේ
තත්ත්වය තවත් ඉදිරියට ගියොත් මේ වසර අග වනවිට මිල පීඩනය ජනතාවට දරගන්න බැරි
ලෙස ඉහළ යැම වළක්‌වන්න බැහැ.
Thursday 18th June 2015, 8:41am, 2 views
No comments:
Post a Comment