Friday, June 19, 2015
මහ මැතිවරණයට 'අලියා' තනිවම විශ්වාසභංග අස්‌කර ගන්නා ලෙසටත් එජාපයෙන් උද්ඝෝෂණ
අකිත පෙරේරා
ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය තනි පක්‍ෂයක් වශයෙන් අලියා ලකුණින් තරග කිරීමට ඊයේ (19 වැනිදා) පෙරවරුවේ සිරිකොතට රැස් වූ එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්aඩලය ඒකමතිකව තීරණය කර ඇත.
ඒ අනුව එම මැතිවරණය සඳහා නාමයෝජනා සැකසීම, මැතිවරණ සංවිධාන කටයුතු ඇතුළු මෙහෙයුම් කටයුතු කිරීමට බලය පක්‍ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැවැරීමටද ඊයේ (19 දා) තීරණය වී තිබේ.
මේ අනුව පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාමයෝජනා මණ්‌ඩලයක් පත්වන අතර ඒ සඳහා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උපනායක රවි කරුණානායක, සභාපති මලික් සමරවික්‍රම, ලේකම් කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් පත්වීමට ද නියමිතය.
ඉදිරියේදී ඉතා ඉක්‌මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බැවින් වහ වහා මහා මැතිවරණයක් සඳහා සූදානම් වන ලෙසද පක්‍ෂ නායකත්වය විසින් මෙහිදී කෘත්‍යාධිකාරී මණ්‌ඩලය දැනුවත් කර ඇති අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසුව වහාම පක්‍ෂයේ සම්මේලනයක් පැවැත්වීමටද ඊයේ (19 දා) තීරණය වී තිබේ.
මේ අතර මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ඇමැතිවරුන් වන රවි කරුණානායක, ජෝන් අමරතුංග යන මහත්වරුන්ට එරෙහිව විපක්‍ෂය විසින් ඉදිරිපත්කර ඇති විශ්වාසභංග සියල්ල ද වහාම ඉල්ලා අස්‌කරගත යුතු බවට උද්ඝෝෂණ කිරීමට ද එජාපය තීරණය කළ බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා 'දිවයින' ට කීය.
මේ අනුව ඉදිරි මහ මැතිවරණය ඉලක්‌කකර ගනිමින් එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් මෙම විශේෂ තීන්දු සම්මත කර ගෙන ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment