Friday, June 19, 2015

අභයාරාම කුමන්ත්‍රණකරුවන්ට වෙන්නේ එළුවා පස්‌සේ ගිය නරියට වුණ දේයි ශ්‍රීලනිපයට ආදරේ නම් මහින්ද විශ්‍රාම යා යුතුයි ඇමැති එස්‌. බී. නාවින්න



ප්‍රියදර්ශන ලියනගේ

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ආදරයක්‌ තිබේනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැන් කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විනාශ කරන්නට අභයාරාම කුමන්ත්‍රණ කරුවන්ට නායකත්වය නොදී දේශපාලන වශයෙන් විශ්‍රාම ගෙන පක්‍ෂය දිනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදීම යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු ඇමැති එස්‌.බී. නාවින්න මහතා 'දිවයින' ට ඊයේ (19 දා) පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, පක්‍ෂයට ලැදි පාක්‌ෂිකයනුත් කිසි අඩුවක්‌ නැතුව පක්‍ෂයේත්, රටේත් ඉහළම පුටුවට යන්න දිවි හිමියෙන් කැපවී කටයුතු කර තිබෙනවා. ජනවාරි අට වැනිදා පරාජයට පත්වුණ ශ්‍රී ලකා නිදහස්‌ පක්‍ෂය යළි ශක්‌තිමත් කොට ජයග්‍රහණය කරා රැගෙන යැමට හැකියාව තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විතරයි. ඒ සඳහා පක්‍ෂයට ආදරය කරන සියලුම දෙනා එතුමාට සහාය දිය යුතුයි.

අභයාරාම කුමන්ත්‍ර ණකරුවන් උත්සාහ කරන්නේ පක්‍ෂය කෑලි කෑලිවලට කඩලා එක්‌සත් ජාතික පක්‍ෂයේ උවමනා එපාකම් ඉටුකිරීමයි. නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විනාශ කරන්න අපි කාටවත් ඉඩ දෙන්නෙ නැහැ. අපි අනිවාර්යෙන්ම ඉදිරි මහා මැතිවරණය ජයග්‍රහණය කරලා මෛත්‍රී යුගයක්‌ අපි ඇතිකරනවා. අභයාරාම කුමන්ත්‍රණකරුවන්ට වෙන්නේ එළුවා පස්‌සේ ගිය නරියට වෙච්ච දේ යෑයි ද ඇමැතිවරයා පැවැසීය.

 

No comments:

Post a Comment