June 15, 2015 at 9:20 am | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා
සන්ධානයේ අගමැති අපේක්ෂයා නොකරන්නේ නම් ඒ මහතා ගන්නා ඕනෑම තිරණයකට එකඟවන
බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීතිඥ හමුව ඒකමතික යෝජනාවක් සම්මත කර ඇත.රාජගිරිය ඔපියුලන්ට් හෝටලයේදී පැවැත්වුණු මෙම සමුළුවට උතුරු-නැගෙනහිර පළාත්වල හැරෙන්නට අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංවිධානය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් සහභාගි වී සිටියහ.
නීතීඥවරු වන සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න ඊට සහභාගී වී සිටි අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා විය යුතුය යන යෝජනාව ජනාධිපතිවරයාට හා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට හා එජනිස විධායක සභාවට දැනුම් දීම ඔවුන් දෙදෙනාට බාර දී ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට යම් හෙයකින් ශ්‍රීලනිපයෙන් නාම යෝජනා ලබා නොදුනහොත් සමස්ත නීතිඥ සංවිධානයම හිටපු ජනාධිපතිවරයා ගන්නා ඕනෑම තීරණයක් සමග රැඳී සිටින බවද ඔවුහු මෙහිදී අවධාරණය කළහ
No comments:
Post a Comment