June 19, 2015 at 1:05 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කිසිසේත්ම මුදල් ඇමති රවි
කරුණානායක සමඟ විවාදයකට නොයන බවත් වත්මන් ආර්ථික තත්වය හා භාණ්ඩාගාර
බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් තමන් හා විවාදයට එන ලෙස කල අභියෝගය මග හරින්නට
මුදල් ඇමතිවරයා මෙසේ කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල
ගුණවර්ධන මහතා පවසයි.‘රට විනාශ කරන්න හදපු කෙනෙක් එක්ක විවාද කරන්න රට බේරා ගත්ත නායකයා එන්නේ නෑ. පූසා එක්ක සටනට සිංහයා එනවද.. ඒක වෙන්නේ නෑ. මුදල් ඇමතිතුමාට අපි කියනවා විකාර කතා නොකියා තමන්ගේ කැබිනට් ඇමතිකමේ ගෞරවය රැක ගන්න කියළා’
යයිද කියා සිටි මන්ත‍්‍රීවරයා රවි කරුණානායක මහතා තමන්ගේ නොදන්නාකම හා යහපාලනය විසින් මාස 5ක් තුළ රටට කළ විනාශය හෙළිවීම වළක්වා ගැනීමට මෙම විවාදයෙන් පැන යන බවද කියා සිටියේය.
මුදල් අමාත්‍යවරයා තමා සමග විවාදයකට එන්නේ නැති නම් ඔහුට එරෙහි විශ්වාසභංග විවාදයේදී හා මධ්‍ය විවාදවලදී යහපාලන ආණ්ඩුව මේ රට ආර්ථිකයට කළ විනාශය සංඛ්‍යා ලේඛන සහිතව හෙළි කරන බවද ගුණවර්ධන මහතා අවධාරණය කලේය.
No comments:
Post a Comment