Tuesday, June 16, 2015

අද ප්‍රවෘත්ති......

මනාප ක‍්‍රමය අහෝසියි.. මන්ත‍්‍රී ධුර 237යි.. 20 ගැසට් කෙරේ.. නව මැතිවණ ක‍්‍රමය ඇතුලත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය රජයේ මුද්‍රණාලය විසින් ගැසට් අතිරේකයක් ලෙස පල කිරීම සඳහා ඊයේ රාත්‍රියේ මුද්‍රණය කර තිබේ.
නව සංශෝධනය අනුව මනාප ඡන්ද ක්‍රමය ‍අහෝසි වී සමානුපාතික හා කේවල ක්‍රමවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 237ක් තෝරා පත් කර ගැනීම සිදු කෙරෙයි.
ජවිපෙට අද ධනපතින්ගෙන් සල්ලි කුට්ටි ලැබෙනවා.. ඇත්ත ජවිපෙ මං හදනවා.. එහි සමුළුව කැඳවනවා.. අද ජවිපෙට ධනපතින්ගෙන් සල්ලි කුට්ටි ලැබෙන බවත් ඇත්ත ජවිපෙ හැදීමට තමනට අයිතියක් ඇති බවත් එම පක්‍ෂ හිටපු නායක  සෝමවංශ අමරසිංහ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
‘අපි මේ රට නිවැරදි කරන්නට අවුරුදු 46ක් පක්ෂයේ හිටියා.  ඒක අත්හැරියේ කරන්නෙ නැති නිසා.
අද ජවිපෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්හැරලා. ඒ සල්ලි කුට්ටි දෙන ධනපතින්ගේ උවමනාවටයි.  ඒකට අද පක්ෂය යටවෙලා ඉවරයි.
අපි ජනතාව දිනවන්න දැවැන්ත පෙරමුණක් හදනවා. ඒ අනුව මේ රටේ විශාල පෙරළියක් කරනවා.
අප ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සමාජ සාධාරණය වෙනුවෙන් හැම විටම පෙනී සිටියා.  මේ ඒ දැවැන්ත පෙරමුණ ගොඩනැගීමේ ආරම්භයක් පමණයි.
රටේ අද ජවිපයක් නැහැ.  ඇත්ත ජවිපෙ ගොඩනැගීම සදහා මට අයිතියක් තිබෙනවා.  ඒ අයිතිය මම පාවිච්චි කරනවා.  ළගදීම අපේ පක්ෂ සමුළුව කැදවනවා.  ඒ ඇත්ත ජවිපෙ සමුළුවයි’ යයිද ඒ මහතා කියා සිටියේය.
5,991 Viewers 
 
  මළ අප්පච්චි ආයිත් උට්ඨානය වුනා.. හරියට ජේසුස් වහන්සේ වගේ.. – විජයමුනි.. ශ‍්‍රිලනිපංයේ අංගුත්තර නිකායක් පිංගුත්තර නිකායත් එක් වී එන මහ මැතිවරණයේදී එජාපය පරදවන්නට තීරණය කල බව ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
ඊයේ පැවති ශ‍්‍රිලනිපමසහජන නියෝජිත සමුළුව අවසානයේ මාධය අමතමින් ඔහු කියා සිටියේ මියගිය අප්පච්චි ජේසුස් වහන්සේ මෙන් යලිත් උට්ඨානය වී ඇති බවයි.


එජාපයට ආණ්ඩු කරන්න බැරිනම් මේ පාර්ලිමේන්තුවේම අලූත් ආණ්ඩුවක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුවට කරන්නට බැරිනම් වෙන ආණ්ඩුවක් මේ පාර්ලිමේන්තුවේම පිහිටුවා 20 වන සංශෝධනය සම්මත කිරීමට කටයුතු කලූ යතු යයි ජාතික හෙළ අරැුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි එජාපය කියන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ ඔවුන්ට ආණ්ඩුවක් පත්වාගෙන යාමට නොහැකි බව 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා එජාපය කියන්නේ නම් පවතින පාර්ලිමේන්තුව තුළම අලූත් ආණ්ඩුවක් බිහිකරගෙන හෝ එය සම්මත කරගත යුතු බවයි.
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළුව ජනතාවට පොරොන්දු වූ අණ පනත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර සම්මත කරගත යුතුයැයිද රතන හිමියෝ වත්මන් එහිදී පැවැසූහ.

මහින්ද නගින වේදිකාවට මාත් නගිනවා – සන්ධාන මහ ලේකම් [Video] හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගොඩවන වේදිකාවට ගොඩවීමට තමන්ද සූනානම් යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කියා සිටියේය.





No comments:

Post a Comment