Wednesday, June 17, 2015

මහින්ද අගමැති අපේක්‍ෂක කිරීමට මෛත‍්‍රී එකඟ නෑ… මාධ්‍ය වාර්තා බොරු..

June 17, 2015 at 12:00 pm | lanka C news

මහින්ද අගමැති අපේක්‍ෂක කිරීමට මෛත‍්‍රී එකඟ නෑ… මාධ්‍ය වාර්තා බොරු.. හිටපු ජනාධිපති මහින්ද රජපක්‍ෂ මහතා එඵැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ඊයේ පස්වරුවේ පැවති ශ‍්‍රිලනිප මහජන නියෝජිත හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බවට පලවන වාර්තා අසත්‍ය බව මහින්ද මහතාට හිතවත් මන්ත‍්‍රීවරයෙකු කියා සිටියේය.
ඔහු කියා සිටියේ ඊයේ තීන්දු කරන ලද්දේ එන මැතිවරණයේදී ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීමට මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධීකරණය කිරීමට පමණක් කමිටුවක් පත් කරන ලද බවයි.
හිටපු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විරෝධයක් නැතත් ඔහු අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ජනාධිපතිවරයාගේ අදහසක් නැති බවද එම මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

No comments:

Post a Comment