Friday, June 19, 2015

තනතුරුවලට මා කෑදර නෑ මෛත්‍රී - මහින්ද සමගිය මගේ එකම පැතුමයි


විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා

නෝමන් පලිහවඩන

තනතුරු ලබා ගැනීමට මගේ කෑදරකමක්‌ නැහැ. මට ඕනෑ මෛත්‍රී-මහින්ද දෙදෙනාව සමාදානය කිරීමට යෑයි විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා 'දිවයින' ට ඊයේ 19 ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේද පැවැසීය. මට ඕනෑ මේ අසමගිය නතරකර ගන්නයි. දෙදෙනා සමගි වූයේ නැතිනම් සිදුවෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අය ගුටි බැට හුවමාරු කරගන්න එකයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ එකම වේදිකාවට ගොඩකරගෙන ඡන්ද ප්‍රචාරක වැඩකටයුතුවලට සම්බන්ධ කර ගන්න අදහස්‌ කරනවාදැයි කියා අප ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ ඒ සඳහා පත්කළ කමිටුව මේ පිළිබඳව සාකච්ඡා කරගෙන යන බවයි.
 

No comments:

Post a Comment