Friday, June 19, 2015
මෛත්‍රී - මහින්ද එකමුතු කරන කමිටුව රැස්‌වේ; සාකච්ඡාව සාර්ථකයි ඩිලාන් කියයි
බුලිත ප්‍රදීප් කුමාර - අනුර බාලසූරිය
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමගි කර මෛත්‍රී - මහින්ද එකමුතුවකට මඟ පාදන්නට පත්කළ 6 දෙනාගේ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඊයේ (19 දා) සවස 3.00 ට පැවැත්වූ සාකච්ඡාව ඉතාම සාර්ථක ලෙස අවසන් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා පැවසීය.
මෙම සාකච්ඡාවේදී උක්‌ත කාරණය ඉතා සුහදව හා වගකීම් සහගතව සාකච්ඡා කිරීමට හැකිවූ බවත්, ජනතාවගේ අපේක්‍ෂා මල්පල ගන්වා අනාගතයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසිදු අගමැතිවරයෙක් සහිත රජයක් පිහිටුවීමට ප්‍රවේශයක් ගත හැකිවූ බවත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කීවේය.
හයදෙනාගේ කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (19 වැනිදා) ජනාධිපතිවරයා හමුවූයේ මුල් වතාවට බව පෙන්වාදුන් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ඊට පෙර මෙම කමිටුව හමුවූ බව පවසමින් අගමැති අපේක්‍ෂකත්වය මහින්ද රාජපක්‌ෂට ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්‌ෂේප කළ බවට කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය දවල් දුටු සිහිනයක් විස්‌තර කිරීමක් බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාව සාර්ථක බැවින් ඊළඟට හිටපු ජනාධිපතිවරයා සමගද, සන්ධාන නායකයන් සමගද සාකච්ඡා කර ශ්‍රීලනිපය නඟා සිටුවීමට හා ජයග්‍රහණය කරා මෙහෙයවීමට නිසි වැඩපිළිවෙළක් යෝජනා කරන බව ඔහු වැඩිදුරටත් කීවේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment