සන්ධාන බහුතරය ජනපතිට විරුද්ද වේ.. 20ට පෙර විශ්වාස භංගය ඉල්ලයි..
June 14, 2015 at 3:50 pm | lanka C news
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විස්වාස භංග යෝජනාව 20 වන සංශෝධනයට
පෙරාතුව විවාදයට ගත යුතු යයි සන්ධාන බහුතර මන්ත‍්‍රීවරුන් පිරිසක් කියා
සිටීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා
වෙයි.ජනාධිපතිවරයා ඇතුළු ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ මතය වී ඇත්තේ 20 වන සංශෝධනය විවාදයට ගැනීමෙන් අනතුරව මෙම විශ්වාස භංගය විවාදයට ගත යුතු බවයි.
එහෙත් අනෙක් පාර්ශවය පෙන්වා දෙන්නේ අගමැති රනිල් විශ්වස භංගයෙන් ඉවත් කර දමා සන්දාන අගමැතිවරයෙක් පත් කර 20 සංශෝධනය කරගත යුතු බවයි. සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 108 දෙනෙක් විශ්වාස භංගයට අත්සන් තබා තිබේ.
No comments:
Post a Comment