June 16, 2015 at 3:50 pm | lanka C news
නොරොච්චෝලේ බලාගාරයේ රු. බිලියන 15 ක කොමිස් මුදලක් ගත්තේ නම් ඒ හිටපු
ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයේ යයි හිටපු ජනාධිපති මහින්ද
රාපජක්‍ෂ මහතාගේ මාධය ප‍්‍රකාශකවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.එම සම්පූර්ණ නිවේදනයෙ මෙසේය.
පසුගිය සිකුරාදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී රාජපක්‍ෂ ආණ්ඩුවේ සාමාජිකයන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 15 ක කොම්ස් මුදලක් ලබා ගත් බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය චෝදනා කර සිටියාය. ඒ චෝදනාව චම්පික රණවක ඇමතිවරයා පසුගිය ජනාධිපතිවරණ සමයේ එළි දැක්වූ ‘ආලාපාළු ආර්ථිකය’ නැමැති කෘතියේද සඳහන් වී තිබුණු අතර ඔහු කියා සිටියේ නොරොච්චෝලේ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා මුල් ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් වූ අතර මාස කිහිපයකට පසු මෙය ඇ.ඩො. මිලියන 455 දක්වා වැඩි කොට ඇ.ඩො. මිලියන 155 ක් (එනම් රුපියල් බිලියන 15 කටත් අධික මුදලක්) ගසා කා ඇති බවයි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් කාරණා අපි ගෙනහැර දක්වමු.
2005 ජුනි 09 වනදා ඉදිරිපත් කරන ලද නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියර සඳහා මුල් ඇස්තමේන්තුව වූයේ ඇ.ඩො. මිලියන 398 ක් මිස චම්පික රණවක ඇමතිවරයා කී ආකාරයට ඇ.ඩො. මිලියන 300 ක් නොවේ. ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් 2005 ජුලි මාසයේදී පවත්වන ලද සාකච්ඡුා වටයකින් පසු 2005 අගෝස්තු 30 වනදා ඇස්තමේන්තුව නිල වශයෙන්ම ඇ.ඩො. මිලියන 471 ක් දක්වා වැඩි කරන ලදී. ඇස්තමේන්තුව වැඩි වූයේ කුමාරතුංග මැතිනියගේ පාලන සමයේදීය. මේ නිසා ඇස්තමේන්තු ගත ගණන වැඩි කොට මහා පරිමාණයෙන් ගසා කෑමේ චෝදනාව අදාල වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවටය. රාජපක්‍ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එස්.බී. දිවාරත්න, ලක්‍ෂ්මන් ආර්. වටවල හා එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩූ යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් විසින් මෙම ඇස්තමේන්තුව ඇ.ඩො. මිලියන 450 දක්වා අඩුකර ගන්නා ලදී. 2005 ජුනි හා අගෝස්තු අතර තුන් මසකට අඩු කාල පරිච්ෙඡ්දයක් තුල නොරොච්චෝලේ බලාගාරයේ ඇස්තමේන්තුව ඇ.ඩො. මිලියන 398 සිට 471 දක්වා වැඩිවූයේ කෙසේ දැයි කුමාරතුංග මැතිනිය ජනතාවට පැහැදිලි කර දුන් පසු අපට මෙම සංවාදය ඉදිරියට ගෙන යෑමට හැක.
රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්
No comments:
Post a Comment