June 16, 2015 at 3:00 pm | lanka C news
ඇමති එස්.බී. දිසානායකගේ මූලිකත්වයෙන් පසුගියදා පැවති හඟුරන්කෙත ශ‍්‍රිලනිප ආසන බල මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී තත්වයක් ගෙන තිබේ.ඇමතිවරයා එහිදී මෛත‍්‍රී පාර්ශයව වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාට විරුද්දව අදහස් පල කරද්දී ආසනයේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් හා පක්‍ෂ නිලධාරීන් බහුතරය ඊට දැඩි විරෝධය පල කිරීම නිසා ඔහුට සිය මතය එහි තහවුරු කිරීමට නොහැකි වී ඇත.
ඇමතිවරයාගේ අදහස් දැක්වීම අවසානයේ නැඟී සිටි පළාත් පාලන මන්ත‍්‍රින් හා නිලධාරීන් තමන් කිසිසේත්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය පිලිනොගන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දොස් නැගීම හෙළා දකින බවත් පවසා ඇති අතර දිවි හිමියෙන් මහින්ද මහතා වෙනුවෙන් පෙනී සිටින බවද කියද්දී සභාවේ බහුතරය ඊට ඉහල ප‍්‍රතිචාර දක්වා ඇත.
එස්.බී. දිසානායක මහතා හඟුරන්කෙත ආනයේ සිය අණසක දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන සිටි අතර ඔහුට එරෙහිව කිසිදු මතයක් දක්වන්නට එහි කිසිවෙකු මෙතෙක් ඉදිරිපත් වුයේ නැත. ඇති වී තිබෙන අලූත්ම තත්වය මත ඇමතිවරයාගේ බල පරාක‍්‍රමය එම ආසනයෙන් ගිලිහී යමින් තිබේ.
24,930 Viewers
No comments:
Post a Comment