June 16, 2015 at 4:40 pm | lanka C news
ඒකීයභාවය සුරකින බවට ජනාධිපතිවරණ සමයේ දිවුරා පොරොන්දු වූ වත්මන් ආණ්ඩුව
අද දෙමළ ඩයස්පෝරාව සමග එක්සත් රටක් හැදීමට සාකච්ඡ කිරීම දැඩි පිළිකුළෙන්
යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.අද බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.
‘විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පසුගියදා ලන්ඩනයේදී ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධානී එමානුවෙල් පියතුමා ඇතුළු පිරිසක් සමග සාකච්ඡ කොට තිබෙනවා. ඒ සාකච්ඡවෙන් අනතුරුව විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශිකාව පවසා තිබෙනවා, ‘කොළඹදී නොවැම්බරයේදී ඩයස්පෝරා උත්සවයක් පවත්වනවා’ කියලා. මේ උත්සවය කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට පවත්වපු ඊනියා මහ විරු සතියේදී තමයි පවත්වන්නේ අපි අහනවා, ‘ආණ්ඩුව සැරසෙන්නේ ඊනියා මහවිරු සතියේදී ජාතිවාදී බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පුම්බන ‘පොංගු තමිල්’ උත්සවයක් පවත්වන්නද? කියලා. මේක රාජ්‍ය බලය යොදාගෙන කොටි ඩයස්පෝරාවේ උවමනාවන් ඉටු කර දීමක් නොවෙයිද? 2014 මාර්තු 18 වැනිදා නිකුත් කළ ගැසට් පත‍්‍රයක් මගින් ශ‍්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන පුද්ගලයන් 424කට සහ සංවිධාන 16කට රටට ඇතුළුවීම තහනම් කොට තිබුණා. ‘දැන් මේ සංවිධාන හා පුද්ගලයන් අතුරින් කී දෙනෙක් මේ ඩයස්පෝරා උත්සවයට සහභාගී වෙනවාද? කියා අපි මංගල සමරවීර මහත්තයාගෙන් විමසා සිටිනවා.
ලන්ඩන් සාකච්ඡුවලින් පසුව, මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණා ‘නොබෙදුණු එක්සත් රටක් තුළ එක්ව කටයුතු කිරීමට ඩයස්පෝරාව සූදානම්’ කියලා. මේ ආණ්ඩුව බලයට ආවේ, ‘රටේ ඒකීයභාවයට අත තියන්නේ නැහැ’ කියලා. නමුත් දැන් එක්සත් රටක් හදන්න ඩයස්පෝරාව සමග සාකච්ඡ කරමින් සිටිනවා. එක්සත් රටක් බිහි කරනවා කියන්නේ ෆෙඩරල් රාජ්‍යයක් බිහිකිරීමයි. ඒක තමයි බෙදුම්වාදයේ මූලික පියවර. ‘එක්සත් රටක්’ කියන්නේ බෙදුම්වාදයේ නවාතැන් පොළක්. ඒක කෙළවර වෙන්නේ බෙදුණු රටකින්. අද මංගල සමරවීර ඉටු කරමින් සිටින්නේ බෙදුම්වාදී උපායමාර්ගික සැලැස්මේ කොටසක්.
හෙළ උරුමය නායකයින්ට අපි කියනවා, බොරුවට ප‍්‍රකාශ නිකුත් කිරිමෙන් ඵලක් නැහැ. හැකිනම් ඒකීයභාවය රැකගන්න සැබෑ ක‍්‍රියාමාර්ග තෝරන්න’ කියලා. මේ තත්වය හමුවේ රටේ ඒකීයභාවය
රැකගැනීම වෙනුවෙන් පෙරට එන්න කියලා මේ රටේ සියලූ දේශපේ‍්‍රමී කොටස්වලින් අපි ඉල්ලනවා.
20 යොදා ගන්නේ ‘දින 100 ආණ්ඩුවේ’ කාලය දික්කර ගැනීමටයි
20 වැනි සංශෝධනය පිළිබඳව ආණ්ඩුව තුළම එකගතාවක් නැහැ. ඔවුන් පළමුව පැවසුවේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීධුර සංඛ්‍යාව 255ක් විය යුතු බවයි. පසුව 225ක් ලෙස නොවෙනස්ව පවත්වාගත යුතු බවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබුණා. ඊටත් පසුව එය 237 දක්වා වෙනස් කළ බව කියැවෙනවා. අද(16) දින පනත් කෙටුම්පත ගැසට් කිරිමේදී කවර මන්ත‍්‍රීධුර සංඛ්‍යාවක් ඇතුළත්ව තිබේදැයි කියන්න බැහැ. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ කාටත් පිළිගත හැකි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීමේ ක‍්‍රමවේදයක් සැකසීමයි. ඒ සඳහා සැබෑ උවමනාවක් තිබුණා නම් දින 100 ආරම්භයේදීම ඊට අදාළ සංවාදය රට තුළ හදන්න තිබුණා, අවශ්‍ය පියවර ක‍්‍රමිකව ගත යුතුව තිබුණා. ඒ සංවාදය ආරම්භයේදී සිදු නොකළේ ඇයි?
දශක තුනක් තිස්සේ ක‍්‍රියාත්මක වන පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරයන් තෝරා ගැනිීමේ සමානුපාතික ක‍්‍රමවේදය පිළිබඳව ජනතාව තුළ අප‍්‍රසාදයක් ගොඩනැගී තිබුණා. ඔවුන් වැදගත් වෙනසක් ඉල්ලා සිටියා. ඒ ජනතා අභිලාෂය අද මේ ආණ්ඩුව තමන්ගේ කපටි උවමනාව වෙනුවෙන් යොදා ගෙන තිබෙනවා. ඒ ජනතා අභිලාෂයට මුවා වෙලා දින 100 ආණ්ඩුව තම පාලන කාලය දිනෙන් දින දීර්ඝකර ගනිමින් ඉන්නවා.
මේ ආණ්ඩුව දැන් මැතිවරණයකට යෑමට බයයි. දින 100 තුළ ඉටු කරනවා කියූ කිසිදු පොරොන්දුවක් නිසි ආකාරයෙන් ඉටු නොකළ මේ අය රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළා තිබෙනවා. රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වට්ටවා තිබෙනවා. ඒ නිසා 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට දමමින් තමන්ගේ අඩුපාඩු වසා ගැනීමේ වත්මන් ආණ්ඩුවේ නිර්ලජ්ජිත වෑයම අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. ’’
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
No comments:
Post a Comment