Monday, June 15, 2015

හිටපු ජනාධිපතිට පෞද්ගලික ආරක්ෂක ඒකකයක්

AddThis Social Bookmark Button
alt
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෞද්ගලික ආරක්ෂක එ්කකයක් ස්ථාපිත කිරීමට සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී ඇති ආරක්ෂාව අඩු කෙරෙමින් ඇති බව දැනගැනීම නිසා මෙම යෝජනාව කළ බව නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවා.
විදේශයන්හි සිටින ලාංකිකයින් රැසක් දුරකතනයෙන් කතා කොට මෙම යෝජනාව කළ බවත් ඔවුන් ඒ සඳහා ආධාර කිරීමට සුදානම් බවත් පැවසූ බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.
 යුද්ධයක් නිමා කෙරූ හිටපු ජනාධිපත්වරයාට මේ වන විට තිබෙන ආරක්ෂාව ගැන සතුටුවිය නොහැකි බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතා ගාල්ල  ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත පැවසුවා.

No comments:

Post a Comment