Sunday, June 14, 2015

ගෝඨාභය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ඊළඟ මහින්ද රජයේ ඇමතිවරයෙක්..

ගෝඨාභය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ඊළඟ මහින්ද රජයේ ඇමතිවරයෙක්.. ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරියේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාමේ සුදානමක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තා කරන පරිදි මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඉදිරියේදී ගොඩනගන ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතිවරයෙකු වීමට ඉඩ ඇතැයිද දැක්වෙයි.
සිය සහෝදරයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා එක් ආසනයට පමණක් සීමාවී කටයුතු කිරීමේ දේශපාලනයෙන් ඒ අනූව ඔහු වැළකී සිටිනු ඇතැයිද එහි සඳහන්ය.
එමගින් පවත්නා ජනප්‍රියතාවය එලෙස තබා ගනිමින් සිය සහෝදරයාගේ මැතිවරණ ව්‍යාපාරයට සෘජුවම සහය දැක්වීමට හැකියාව ලැබෙනු ඇතැයි යන විශ්වාසය මත ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ කටයුතු කරනු ඇතැයි කියැවේ.
හිටපු ජනපතිගේ පවුලේ සාමාජිකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට මහින්ද රාජපක්ෂ මහතාට පසුව ශ්‍රී ලංකාව තුළ වැඩි ජනප්‍රියත්වයක් හිමිව ඇති බව ද එම මාධ්‍ය වාර්තාකරයි.
පාදුක්ක ප්‍රදේශයේ විහාරස්ථානයකදී හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන් දේශපාලනයට නොඑන බව කියා සිටියේ මේ නිසා යැයිද එසේ ආසන මට්ටමේ දේශපාලනයට සම්බන්ධ නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීම එහි අපේක්ෂාවක් විය හැකි බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
මේ අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව 25 සිට 37 දක්වා වැඩිකිරීමට ද යෝජනා කර තිබේ.
– Adaderana.lk
5,523 Viewers

No comments:

Post a Comment