Monday, June 15, 2015

ලොවට පෙනෙන්න සංවර්ධනය අවශ්‍ය නෑ

alt
රටට අවශ්‍යය සමාජ ආර්ථික සහ දේශපාලන පරිවර්තනය ලබා දෙමින් මානවවාදී සමාජයක් ගොඩනැඟීමට ආරම්භ කළ ගමන රටේ ජනතාව සමඟ ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කුමන අභියෝග පැමිණියද එම ගමන අතරමඟ නතර නොකරන බව පැවසූ ජනාධිපතිවරයා රටට ආදරය කරන සියළු දේශපාලන පක්ෂ තමා සමඟ අත්වැල් බැඳගනු ඇති බවද එහිදී පැවසුවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්  ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මින්නේරිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්  මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.
පක්ෂ  පාට බේද තමාට වැදගත් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා තමාට අවශ්‍ය රටේ ජනතාවට සේවය කිරීම බව එහිදී පැවසුවා.
රටක සංවර්ධනය යනු එම රටේ ජනතාවගේ මූලික ගැටළු විසඳීම බව සඳහන් කළ ජනාධිපතිවරයා ලෝකයට පෙනෙන සංවර්ධනයකින් නොව ජනතාවට දැනෙන සංවර්ධන ක්‍රියාදාමයක් තුළින් රටේ සියළු ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සොයන බවද මෙහිදී ප්‍රකාශ කළා.
ජනාධිපති මන්දිර වල සිට සැප විඳින්නට හෝ ජනාධිපති ධූරයේ වැජඹෙන්නට තමාට අවශ්‍ය නොවන බවත් ජනවාරි 08  වනදා මෙරට රාජ්‍ය නායකයා ලෙස තමන් පත්කරගනිමින් ජනතාව අපේක්ෂා කළ පරිවර්තනය ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මෙහිදී වැඩිදුරටත් පැවසූ බව  ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

No comments:

Post a Comment