Monday, June 15, 2015

මේ ආණ්ඩුව හෙල්ලෙන දතක්.. එන ඡන්දෙන් ජාතිවාදී බලවේගවලින් බලයට ඒම හීනයක්

June 15, 2015 at 3:00 pm | lanka C news

මේ ආණ්ඩුව හෙල්ලෙන දතක්.. එන ඡන්දෙන් ජාතිවාදී බලවේගවලින් බලයට ඒම හීනයක් එළැඹෙන මහ මැතිවරණයේදී කවුරැන් හෝ ජාතිවාදී අන්තවාදී බලවේග මතින් බලයට ඒමට සිතා සිටින්නේ නම් එය හීනයක් යයි ජාතික හෙළ උරුමයේ මහලේකම් ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජාතික හෙළ උරුමයේ ජනසභා සමුළුව අමතමින් ඔහු මෙසේද කියා සිටියේය.
‘අද මේ ආණ්ඩුව හෙල්ලෙන දතක්, සමහරැ කල්පනා කරනවා ඒ අස්සේ අපේ බලය දාලා මොනවා හරි දෙයක් කරගන්න  ඕන කියලා. නිතිවිරෝධී විදියට රස්සා ටිකක් දාගන්න  ඕන. ඉඩම් ටිකක් අල්ලගන්න  ඕන. ජනාවාස පිහිටුවන්න  ඕන,දිස්ත‍්‍රික්ක පිහිටුවන්න  ඕන කියලා මේ අය හිතනවා.ඒක ලොකු වැරදීමක්.
එන මහ මැතිවරණයෙන් ජාතිවාදී අන්තවාදී බලවේගවලින් ශක්තියෙන් බලයට එන්න කවුරු හරි හිතන් ඉන්නවා නම් ඒක හීනයක්. ව්‍යාජ බලවේග වලට රැුවටෙන්නේ නැතිව, අපි ඉතා අමාරුවෙන් හැදුව ශක්තිමත් බලවේගය බොල් පිළිමවලට පාලනය කරන්න දෙන්නැතිව, අනවශ්‍ය සිද්ධි ඇති කරලා මිනිසුන්ගේ හැගීම් කුලප්පු කරලා,ජනතාව ජාතිය තියෙන තැනින් පහළට ඇදදමන වල්ප්පුකාර බලවේග වලින් මේ ජාතික බලවේගය ගලවාගෙන අපි නිසි මගට මේ රට ගෙන යායුතු වෙනවා’

No comments:

Post a Comment