Monday, June 15, 2015

රාජපක්‍ෂලා ඉන්නවා නම් මං ශ‍්‍රිලනිපයේ නෑ.. – අර්ජුන

June 15, 2015 at 12:00 pm | lanka C news

රාජපක්‍ෂලා ඉන්නවා නම් මං ශ‍්‍රිලනිපයේ නෑ.. – අර්ජුන ශ‍්‍රිලනිපයට තමන් එක් වූයේ දැන් එහි රාජපක්ෂලා නැති නිසා යයි ඇමති අර්ජුන රණතුංග මහතා අත්තනගල්ලේ පැවති ජනහමුවකදී කියා සිටියේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමනට නැවතත් පක්ෂයට එකතුවන්නැයි ආරාධනා කළ බවත් රාජපක්ෂලා ඉන්නේ නම් තමන් කිසිදා පක්ෂයට බැඳෙන්නේ නැතැයි තම ස්ථාවරය එහිදී පැහැදිලිව දැනුම් දුන් බවද ඇමතිවරයා එහිදී කියා සිටියේය.
ශ‍්‍රිලනිපය විනාශ කර එජාප ආණ්ඩුවකට ඇතැමුන් පාර කපා දෙන බවත්  බවද පක්ෂය දෙකඩ කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් ප්‍රතික්‍ෂේප කළ යුතු බවද ඇමතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
19,023 Viewers

No comments:

Post a Comment