Sunday, June 14, 2015

ජනපති මෛත්‍රීගේ ශ්‍රී ල නි ප වර්ණනාව..........

ජනපති මෛත්‍රීගේ
ශ්‍රී ල නි ප වර්ණනාව................
ඊයේ රාත්‍රී (14.06.2015 )
රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති බලද්දී
මෙන්න බොලේ ජනපති මෛත්‍රී යටි ගිරියෙන්
බණ්ඩාරනායක ප්‍රතිපත්ති ආරක්ෂා කරන බවට කථාවක් කරනවා...........
මේක දැක්කාම මට පුදුම හිතුණා
ඇයි හත් ඉලව්වේ පොදු අපේක්ෂක වෙලා
රටටම කියලා
ජනාධිපත් පුටුව අල්ලගත්තට පස්සෙ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රකින්නද
රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නෙ?
මෙතන රනිල්ගෙ කිසි වැරැද්දක් නෑ
මෛත්‍රී තමයි බණ්ඩාරනායක පරපුරම මකබෑවෙලායන්න
එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදා දෙන්නෙ.
එහෙව් කොරපු එකා
බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගරුකරනවා කියන්නෙ
මොන බොරුද?
අර වේළුපිල්ලේ ප්‍රභාකරන් කියා තිබුණා වගේ
සිංහලයින්ට සතියෙන් ඔක්කොම අමතකයි කියල
මේ රටේ එවුන්
මෛත්‍රීගෙ අලුත්ම බොරුව විශ්වාස කරන්නත් බැරි නෑ
ඒත් වැඩක් නෑ
මේ වනවිට මහින්ද රාජපක්ෂ
අලුත් ආණ්ඩුවක් හදන්න අවශ්‍ය ඡන්ද රැස්කරගෙන ඉවරයි.

No comments:

Post a Comment