Thursday, June 18, 2015

අපිව අන්දවන්න බෑ.. කමිටු දාලා මහින්ද සුළඟ බාල කරන්න ඉඩ දෙන්නේ නෑ..

June 18, 2015 at 12:00 pm | lanka C news

අපිව අන්දවන්න බෑ.. කමිටු දාලා මහින්ද සුළඟ බාල කරන්න ඉඩ දෙන්නේ නෑ.. දේශපාලනමය වශයෙන් තෙම්පරාදු වූ අපව අන්දවන්න කිසිවෙකුටත් නොහැකි බවත් කමිටු දමා මහින්ද ගෙනෙන සටන දිය කිරීමට  කිසිවෙකුටත් ඉඩ නොතබන  බවත්   බස්නාහිර  මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණ කරයි.
රටේ සංවර්ධනය මේ වන විට නතර වී ඇති  බවත් ප‍්‍රාදේශීය සභා කඩා වැටී ඇති බවත් පවසන  රණතුංග මහතා ආණ්ඩුව හිතාමතාම රට නන්නත්තාර කර ඇතැයිද  පෙන්වා දෙයි.
‘මහින්ද සමග රට පෙරට’ රැස්වීම් මාලාව ආරම්භ කරමින් මහර ආසනයේ  වෑබඩ පුරාණ විහාරස්ථානයේදී  පැවති රැස්වීමේදී රණතුංග මහතා මේ බව සදහන් කලේය.  බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සහන් ප‍්‍රදීප් විතාන මහතා සහ මහර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීනි සුසීමා චාන්දනී  මහත්මිය  සංවිධානය කල  මෙම රැස්වීම  මහර ප‍්‍රාදේශීය සභාවේ සියලූම හිටපු මන්ත‍්‍රීවරු  සහභාගී වූහ.
මෙහිදී  වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා  මෙසේද කීවේය.
‘මහින්ද  අගමැති අපේක්ෂකයා  කරන ලෙස අප කල ඉල්ලීම්  නිසා අද වන විට අපට පක්ෂයෙන්  නිල් එළියක් ලැබී තියනවා. මහින්ද – මෛත‍්‍රී සමගිය ඇති කරවන විශේෂ  කමිටුවක් පත් කර තියනවා. අපිට ඒකට සතුටුයි. හැබැයි අපි බලා ඉන්නවා  මේ කමිටුව පත් කෙරුනේ සද්භාවයෙන්ද කියලා. අපි හො`දට දේශපාලනයෙන් තෙම්පරාදු වුනු අය. අපිව අන්දවන්න කාටවත් බැහැ. කමිටු දාලා මහින්ද ගෙනෙන සටන දියාරු කරන්න, අඩපණ කරන්න කවුරු හරි  හදනවා නම්  අපි ඊට ඉඩ තියන්නේ නැහැ. එහෙම වුනොත් මීට වඩා වැඩි ජවයකින්  අප මහින්ද ගෙනෙන  සටන ඉදිරියට ගෙන යනවා.
ඒ කාලේ කිව්වා  රත්තරං අශ්වයෝ , ලැම්බෝගිනි තියනවා කියලා. හොරකම් කරලා කිවුවා. හැබැයි රත්තරං අශ්වයෙක් තියා අශ්ව පැටියෙක්වත් එතන හිටියේ නැහැ. ලැම්බොගිනියක් තබා මොන ගිනියක්වත් හොයා ගන්න බැරි වුනා. මේ ආණ්ඩුව කලේ තනිකරම මාධ්‍ය සංදර්ශනක්.
ආණ්ඩුවට වැඩ බෑ කියලා අද ඔප්පු වෙලා ඉවරයි. සංවර්ධනය අතරමග නතර වෙලා. රැුකියා වලින් තරුණ තරුණියෝ දොට්ට දාලා. පාසල් , රෝහල් සංවර්ධනය වෙන්නේ නැහැ. හැබැයි මත්කුඩු, කසිප්පු , පාතාලය සංවර්ධනය වෙලා. මිනීමැරුම් වැඩි වෙලා. රට එකම විසාලාවක් වෙලා. රනිල්ට බෑ  කියලා දැන් නැවත ඔප්පු වෙලා ඉවරයි.
අපි කිවුවා ප‍්‍රාදේශීය සභා නගර සභා කලින් දීර්ඝ කරන්න කියලා. හැබැයි ඇහුවේ නැහැ. නිළධාරි පාලනයකට දැම්මා. දැන් මොකෙද වෙලා තියෙන්නේ .අද ප‍්‍රාදේශීය සභා කඩා වැටිලා. පැමිණිලි ගොඩයි. වැඩ කරන්නේ නෑ කියලා. කුණු අයින් කරන්නේ නෑ කියලා  මේක මහ අපරාධක්.
මම නුගේගොඩ රැස්වීමට යනකොට හැමෝම බයවුනා. මගේ තනතුර නැතුව යයි කියලා. මම තනතුරු බදාගෙන මේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. මගේ අඩු පාඩු හොයනවා. මාව තනතුරෙන් අයින් කරන්න කුමන්ත‍්‍රණ කරනවා. හැබැයි එහෙම ලේසියෙන් මාව අයිින් කරන්න බැහැ. අපේ සමහරු අද රනිල්ගේ තුරුලේ සැතපෙනවා. රනිල්ගේ ආණ්ඩුව රකිනවා. අහපුවාම කියන්නේ 19ට 20ට උදව් කරන්න  ඕන නිසා තනතුරු භාර ගත්තා කියලායි. තනතුරු නොගත්තත්් 19ට 20ට උදව්  කරන්න පුලූවන්. අපේ සමහර අය ඇමතිකම් ගත්තේ  රටට ආදරයට නෙමෙයි. පක්ෂයට ආදරයට, ජනතාවට ආදරයට නෙමෙයි. මොන දේ වුනත් මහින්ද ගෙනෙන සටන ජයග‍්‍රහණය කර මිස ආපසු හැරෙන්නේ නැහැ. මහින්ද මහත්තයා ඊලග මැතිවරණයේදී ගනු ලබන  ඕනෑම තීරණයක් සමග අපි ඉන්නවා. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි. අපේ පාක්ෂිකයෝ  ඔවුන් සමග  සිටින නිසායි. ජනතාව ඔවුන් සමග සිටින නිසා’
– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment