Sunday, April 26, 2015

‘19’ කියා කොල කෑල්ක්වත් තාම ඇහැට දැක නෑ.. ඇස් පියාගෙන අත් උස්සන්න අපි නපුංසක නෑ හෙට දිනයේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර දෙදිනක් විවාද කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේ දක්වා තම අතට ලැබී නැති බවත් එසේ ලැබී නැති දෙයකට ඡන්දය දෙන්නට සූදානම් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා අනුරාධපුර තිරප්පනේ පැවති ජනහමුවකදී කියා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව එහි තීන්දුව මත ජනමත විචාරණයකට යා යුතු යයි නම් කරන ලද කරුණු ඉවත් කරන බවට අගමැතිවරයා පොරොන්දු වුවද එසේ සංශෝධනය කරන ලද පනත් කෙටුම්පත මේ දක්වා භාෂා ත‍්‍රිත්වයෙන් තියා එකකින්වත් තම අතට පත්ව නැති බවද කී මන්ත‍්‍රීවරයා ‘19 සම්මත කරමු’ යයි කියමින් ජවිපෙ පෝස්ටර් අලවන්නේත් එන්ජීඕ කාරයන් පෙලපාලි යන්නේත් ඔය කියන සංශෝධනයේ කොල කෑල්වත් අතේ නැතිව යයිද ඔහු කියා සිටියේය.
එවන් නොදුටු සංශෝධනයකට අස් පියාගෙන අත් උස්සන්නට තමන් නපුංසක නැතැයිද කී මන්ත‍්‍රීවරයා එසේ නපුංසක නොවන තවත් 75 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බවද කියා සිටියේය.
15,061 Viewers

No comments:

Post a Comment