Saturday, April 18, 2015

 

සෝමවංශගේ නව පක්‍ෂය ලබන මස මුලදී

සිරිමන්ත රත්නසේකර

සිය දේශපාලන පක්‍ෂයේ නම ලබන මස මුලදී කැඳවන සමුළුවෙන් අනතුරුව රට හමුවේ තබන බව ජනතා විමුක්‌ති පෙරමුණෙන් ඉවත්ව ගිය එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට සඳහන් කළේය.

පක්‍ෂයේ නම සහ නායකකාරකාදින් නම් කෙරෙනුයේ එම සමුළුවෙන් පසුව බවත් එතෙක්‌ සංවිධානයක්‌ ලෙස කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

මෙම සමුළුවේ දී ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීම පිළිබඳව සාකච්ඡා කරන බවත් ඒ සඳහා වන තීරණය එහිදී ගැනීමට නියමිත බවත් සෝමවංශ අමරසිංහ මහතා කියා සිටියේය.

ජවිපෙ සාමාජිකයන්ට හා ඉන් කැඩී ගිය සාමාජිකයන්ට පමණක්‌ නොව සංවිධානය සඳහා එක්‌වන සාමාජිකයන්ට මෙම සමුළුව විවෘත වන බවද ඒ මහතා සඳහන් කළේය

No comments:

Post a Comment