Tuesday, April 28, 2015

චීනයෙන් කණේ පහරක්.. යහපාලන තවත් බොරුවක් මාට්ටුයි..




චීනයෙන් කණේ පහරක්.. යහපාලන තවත් බොරුවක් මාට්ටුයි..

චීන ණයවල පොලී අනුපාතය ඉතාමත් ඉහළ යැයි මෙරට මුදල් අමාත්‍යංශයේ උසස්ම පුද්ගලයෙකු චෝදනා කළත් චීන ණයවල පොලී අනුපාතය ඉහළ නැතැයි මෙම චෝදනාවට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ (CCCSL) ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

පසුගිය වසර 10 කාලය තුළදී චීනය විසින් ලංකාවට ඩොලර් බිලියන ගණනක ණය ලබාදී තිබෙන බවත් මෙම ණය වලින් අඩකට වඩා සියයට 02 ක පොලී අනුපාතයකට ලබාදී තිබෙන බවත් සඳහන්ය.

ලෝක වෙළඳ පොළේ බොහෝ වාණිජ ණය වලට සාපේක්ෂව චීන වාණිජ
4,425 Viewers


මහින්ද වේදිකාවට එනවා.. හොර ආණ්ඩුව පන්නනවා.. ආපහු මහින්ද යුගයක් අරඹනවා..
April 28, 2015 at 4:07 am | lanka C news
මහින්ද වේදිකාවට එනවා.. හොර ආණ්ඩුව පන්නනවා.. ආපහු මහින්ද යුගයක් අරඹනවා..

මේ නීති විරෝධී ආණ්ඩුව පන්නා දමා නැවතත් මහින්ද යුගයක් අරඹන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී ඒකනායක මහතා මහව නගරයේ පැවති ජනහමුවකදී පැවසීය.

ලබන අටවැනිදට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගලදී වේදිකාවට එනවා. ඉන් පසුව මේ නීත්‍යානුකූල නොවන ආණ්ඩුව ගෙදර යවලා යළි මහින්ද රාජපක්ෂ යුගයක් අරඹනවා. හොරු හොරු කියලා බොරුවට කෑ ගහන ඔය කියන හොරු අල්ලගන්න බැරි බහුතරයක් නැති අගමැතිවරයෙක්, ඇමති මණ්ඩලයක් ඉන්න ව්‍යාජ ආණඩුවක් මේක. එනිසා මේ ආණ්ඩුවේ නිමාව අතළ`ගයි.

බැසිල් ජනතාවට උළු දුන්න කියලා අල්ලස් කොමිසමට ගෙනාවා. හැබැයි ඔය මෛත‍්‍රිපාලත් හිටපු කැබිනට් මණ්ඩලයේදී තමයි සමෘද්ධිලාභීන්ට උළු දීමට අනුමැතිය ලැබුණේ. ඒක සාමූහික තීරණයක්.

සමෘද්ධි ඇමති විදියට අද සජිත් පේ‍්‍රමදාස හම්බන්තොට සමෘද්ධි හිමි නොවන පවුල්වලට පවා සමෘද්ධි ආරක්ෂණ අරමුදලින් බඩු බෙදනවා.සල්ලි දෙනවා.ඒවා නීත්‍යානුකූලද?අපි මේවාට විරුද්ධවත් නීතිය ඉදිරියට යනවා’ යයිද ඔහු එහිදී කියා සිටියේය.


පිස්තෝලයක් සහිතව මෛත්‍රීපාල ළඟටම ආවාද? මෙන්න ඇත්ත.
April 28, 2015 at 12:01 am | lanka C news
පිස්තෝලයක් සහිතව මෛත්‍රීපාල ළඟටම ආවාද? මෙන්න ඇත්ත.

නාමල් රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂකයෙකු පිස්තොලයක් සහිතව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ළඟට කිට්ටු වී යයි දිගින් දිගටම පලවන වාර්තා සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් පිරිසක් විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් විසින් කර ඇති පැහැදිලි කිරීමකි මේ…

[1]. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාව ඝාතන කිරීමේ ප්‍රවෘත්තියක් ගැන ව්‍යාජ කටකතා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මඩ කණ්ඩායම විසින් දියත් කරලා තිබෙනවා. අපට වාර්තා වෙන පරිදි එම මඩ මෙහෙයුමේ අරමුණු මෙලෙසයි.

(i). මහින්ද රාජපක්ෂ මැතිතුමාට දී ඇති ආරක්ෂාව අඩු කිරීම සාධාරණීකරනය කිරීම.

(ii). මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මඩ ගැසීම.

(iii). තාර්කිකව බලන කල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ආරක්ෂාවට වැඩිම තර්ජනය එල්ල වන්නේ එජාපයෙන් බැවින් (එවිට රනිල් වික්‍රමසිංහ මහතා ඉබේම ජනාධිපති වන නිසා) එතුමාට මොනයම් හෝ හානියක් වුවහොත් එය මහින්ද පාර්ශවයට බැර කිරීමට කල් තියාම පිඹුරුපත් සකසා ගැනීමට එජාප පාර්ශවයට අවශ්‍ය වීම.

[2]. එහි එක් පියවරක් විදිහට, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පත මඟින් පළකළ පුවතකුයි

එම පුවත මීටත් වඩා සාහසික ආකාරයෙන් අනෙකුත් එජාප මඩ වෙබ් අඩවි වල පලවී ඇති නමුත් ඒවායේ අයිතිකරුවන් අප්‍රකාශිත බැවින් කිසිදු වගකීම් සහගත භාවයක් නොමැති නිසා ඔවුන්ට ඕනෑම දෙයක් ලිවීමට හැකි බව මැදහත් ජනතාව වටහා ගන්නවායැයි අප විශ්වාස කරනවා. එනිසා ලංකාදීප පුවත ගැන පමණක් අවධානය යොමු කරමු.

(i). අඟුණුකොළපැළැස්ස්සේ පැවතුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජිත සම්මේලනයයි. නමුත් එයට සියලුම මහජනතාවට විවෘතව ආරාධනා කර තිබුණා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් බැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් එතුමාට ලැබුණ ආරාධනාව පිට එයට සහභාගී වුණා. ඒ බව ලංකාදීප ලිපියේ සඳහන් කරලා නෑ.

(ii). කිසිදු හමුදා කෝප්‍රල් වරයෙක් හෝ වෙනත් හමුදා නිලධාරියෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරක්ෂකයින් ලෙස වර්තමානයේදී ලබා දී නෑ. ඒ අනුව එකී නිලධාරියා නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙක් ලෙස දැක්වීම බොරුවක්.

(iii). එලෙස පැමිණි පුද්ගලයා හමුදාවේ නිවාඩු ලබා සිටින රණවිරුවෙක්. ප්‍රදේශයේ රැස්වීමක් නිසාත්, රටේ ජනාධිපතිවරයා, කථානායකවරයා ඇතුළු රටේ ප්‍රභූන් පැමිණ සිටින නිසාත්, එතුමන්ලාව දැකබලා ගැනීම සඳාහ එම රණවිරුවාත් එහි පැමිණ තිබෙනවා. සාමාන්‍ය ජනතාව අසුන් ගත් ප්‍රදේශයේම ඔහුත් වාඩි වී තිබෙනවා.

(iv). ඉතින් ඔහු යුද හමුදවේ සේවය කළ රණවිරුවෙක් නිසා, ජනාධිපති ආරක්ෂක අංශයේ අය (ඔවුනුත් යුද හමුදා සෙබලුන්) ඔහුව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු ආවේ කුමකටදැයි ප්‍රශ්න කර තිබෙනවා. එවිට හේතුව කියා තිබෙනවා. (රටේ ජනාධිපතිවරයා, කථානායකවරයා ආ බැවින් එතුමන්ලාව දැක බලා ගැනීමට පැමිණියා).

(v). ඔහු සතුව කිසි සේත්ම පිස්තෝලයක් තිබී නෑ. එවැනි පිස්තෝලයක් තිබුණානම් එම රැස්වීමට ඇතුළු වීමට ඔහුට කිසි සේත්ම ඉඩක් ලැබෙන්නේත් නෑ. එම් සිද්ධිය ඇසින් දුටු හම්බන්තොට ශ්‍රීලනිප පාක්ෂිකයින් අපට වාර්තා කළ ආකාරයට එම රණවිරුවා සතුව තිබී ඇත්තේ මුදල් පසුම්බිය, වතුර බෝතලයක් සහ පුද්ගලික ලේන්සුවක් පමණක් බවයි.

(vi). ඉහත ලංකාදීප ලිපියේ මෙලෙස සඳහන්.

පොලිස් විශේෂ බලකාය නාමල්ගේ ආරක්ෂකයන් සෝදිසි කර ඔහු ළඟ පිස්තෝලයක් ඇති බව සොයා ගත්තේය. ඔහු එම ස්ථානයෙන් ඉවත් කැරිණි.

යහපාලන බොරුව අතේ පැලවුණ ප්‍රධානම තැන තමයි ඒ. යම් විදිහකින් රටේ ජනාධිපතිවරයා අසළට අනවසරයෙන් පිස්තෝලයක් හෝ වෙනත් ඕනෑම ආයුධයක් රැගෙන ආවානම් අනිවාරයයෙන්ම ඔහුව අත් අඩංගුවට ගත යුතුයි. ඒත් පවසනවා අදාල සැක කරුව “එම ස්ථානයෙන් ඉවත් කැරිණි” කියලා. පිස්තෝලයක් ගෙනාවා කියන කතාව පට්ට පල් බොරුවක් බව ඒකෙන්ම පේනවා.

(vii). එම රණවිරුවාව අත් අඩංගුවට ගෙන නෑ. ඔහු වැරැද්දක් කර නොමැති නිසා (ඒ කියන්නේ ඔහු ඔය කියන විදිහට පිස්තෝලයක් ගෙනැවිත් නැති නිසා) තමයි ඔහුව අත් අඩංගුවට නොගෙන එතනින් යැව්වේ. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුන වගේ, රටේ අලුත්ම ජනාධිපතිව දැකබලා ගන්න ආවට පස්සේ ප්‍රශ්න කළාම ඒ රණවිරුවා යන්න ගියා. නිවාඩු ලබා සිටින රණවිරුවෙකුට රටේ ජනාධිපතිවරයා සිටින රැස්වීමකට ඇවිත් වාඩි වෙන්න තහනම් වුණ බවකුයි දැන්නම් අපිට පෙනී යන්නේ.

(viii). වත්මන් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ ප්‍රධනියා වන එස් එම් වික්‍රමසිංහ මහතා ගැනත් ලංකාදීප ලිපියේ සඳහන්. යහපාලන කෙප්පයේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයා අසලට පිස්තෝලයක් රැගෙන යාමට ඉඩ හැරියානම් එස් එම් වික්‍රමසිංහ මහතාව ඒ මොහොතේම ක්‍රියාත්මක වන පරිදි සේවය අත් හිටුවා තිබිය යුතුයි. එසේ නොකර ඇත්තේත් එවැනි පිස්තෝල හමුවීමක් නොමැති නිසා.

[3]. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමානම් තමන්ගේ රැස්වීම් වලට එන නිරායුධ රණවිරුවන්ව කිසිදා හරවා යවන්නේ නෑ. ඒ විතරක් නොවෙයි එතුමා උතුරු නැගෙනහිර යුද වදින රණවිරුවන් ගාවටත් ගියා. ඒ ගියේ එම රණවිරුවන් මැෂින් ගන් ඇතුළු ජීව උණ්ඩ සහිත දරුණු ආයුධ වලින් සන්නද්ධව ඉන්නකොටයි. යුද්ධයක් දිනපු නායකයෙක්ගේ ප්‍රෞධත්වය එයයි. වාකරේ මහ සටන ජයග්‍රහණය කළ රණවිරුවන්ට සුබ පැතීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ගිය මොහොත.

[4]. මහින්ද රාජපෂ මහතාට තර්ජනයක් වුණේ කොටි ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ හිතවතුන් මිස ශ්‍රී ලංකා හමුදාවන්ගේ සෙබලුන් නොවෙයි. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට මුළු ත්‍රිවිධ හමුදාවම සිටියත්, මේ වෙද්දී එතුමාගේ ආරක්ෂාව හොඳටම අඩු කර තිබෙනවා.

(i). ඊට හේතු වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යන යන තැන් වල දහස් ගණනින් ජනතාව වටවීමත්, ඒක යහපාලන ආණ්ඩුවේ සමහරුන්ට ඇස් වල කටු ඇනෙනවා වගේ වීමත් නිසයි.

(ii). දෙමළ ඩයස්පෝරා තහනම ඉවත් කිරීමත් ඒ සමගම විදේශවල සිටින කොටි හිතවාදීන්ට කිසිදු අවහිරතාවයකින් තොරව ශ්‍රී ලංකාවට ඒමට හැකි වීමත් නිසා එතුමාගෙ ආරක්ෂාව මේ වන විට බරපතල අවදානම් තත්ත්වයකයි තිබෙන්නේ.

(iii). ලංකාදීපයේ දැක්වූ ව්‍යාජ පිස්තෝල සිද්ධිය ආකාරයේ කතන්දර, යහපාලන ආණ්ඩුවෙන් ගෙතුවේ අන්න ඒක සාධාරණීකරනය කිරීමටයි.

– mahinda.info

No comments:

Post a Comment