Tuesday, April 28, 2015

චන්ද්‍රික‍ා චින්තනයට පහර දෙන්න



චන්ද්‍රික‍ා චින්තනයට පහර දෙන්න
කතෘ:යුතුකම     4/28/2015   


ශ්‍රි ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජ සම්පත් මත බහුතර සිංහලයා විසින්, සුළුතරයට එරෙහිව ඒකාධිකාරයක් පවත්වා ගැනීම අවසන් කළ යුතු" යැයි චන්ද්‍රිකා කුමාරතුංග පවසනවා. දෙමළ සංධානය විසින් සංවිධානය කළ චෙල්වනායගම් සැමරුම් දේශණය පවත්වමින් ඇය මෙ‍සේ සඳහන් කළා.

චන්ද්‍රිකා නැමැති ස්ත්‍රිය පිළිබඳ මෙරට බොහෝ අයට ඇත්තේ අපේක්‍ෂාභංග හැඟීමක් වුවත් ඇය වත්මන් ආණ්ඩුවේ තුළ දරන බල භූමිකාව සැලකිල්ලට ගත් විට ඇය මග හැර යන්න බැහැ. චන්ද්‍රිකා තුළින් මේ මතු වෙන්නේ වත්මන් ආණ්ඩුවේ චින්තනය ද ?. බොහෝ විට එය එසේ වෙන්න පුළුවන්. මෙම චින්තනයට ආදළ ප්‍රායෝගික ක්‍රියාමාර්ග භූමිය මත මේ වන විට ක්‍රියාවට නැංවෙනාව. එය එසේ නම් ජනවාරි 08 න් පසු ලංකාවේ දේශපාලන බල ව්‍යුහය සුවිසල් වෙනසකට භාජනය වී තිබෙන බව පිළිගන්න වෙනවා.

සිංහලය යනු කවරෙකු ද? සිංහලයා මෙරට ස්වභාවික බහුතරයයි. ස්වභාවික බහුතරයට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ සාමාන්‍යයෙන් ඊට අදාළ කොටස හිමි වෙනවා. ආර්ථික නි‍යෝජනය තුළ මෙන් ම සමාජය තුළත් එහෙමයි. ඒ අනුව, නගරයක බහුතරය සිංහල නම් එහි ව්‍යාපාර සංඛ්‍යාව තුළත් ඒක දකින්න පුළුවන්. දේශපාලනය තුළත් එහෙමයි. මොකද ජනයා තමන්ගේ නියෝජිතයා ලෙස තමන්ගේ කෙනෙක් තමයි තෝරන්නේ.

ඒත් ලංකාවේ අග නගරය ඇතුළු තවත් ඒවා ගන්න. කොළඹ. කොලඹ දිස්ත්‍රික්කයේ තිබෙන ව්‍යාපාර අතරින් සාතිශය බහුතරය දමිළ හා මුස්ලිම්. ඒත් සමගම තව සිංහල බහුතරය වෙසෙන නගර ගන්න. මෙම නගරවල තිබෙන ව්‍යාපාර ප්‍රමාණය එහි වෙසෙන සිංහල බහුතරයට වඩා කීප ගුණයකින් වැඩියි. සමහර නගර එහෙම් පිටින් ම සුළුතර ජනයා විසින් පාලනය කරන්නේ. දැන් ගත්න යාපනය, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය. මෙම නගරවල සම්පූර්ණයේන ම තිබෙන්න‍ේ සුළුජාතික ඒකාධිකාර. ව්‍යාපාර තබා මෙම දිස්ත්‍රික්කවල සිංහල පුරවැසියන්ට ඉඩමක් කඩමක්වත් ගන්න බැරි කරල තිබෙන්නේ සංවිධානාත්මක ව. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම දෙමළ ජනයා ජීවත් වෙනවා. ඒත් සිංහල ජනයා තිර ලෙස ජීවත් නොවන දිස්ත්‍රික්ක 4 ක් වත් ලංකාවේ තිබෙනවා. මේ අතර බලන්න, රාජ්‍ය ආයතනවල හා සෙසු ආයතනවල ඉහළ හා සෙසු තරතුරු දන දමිළ පුරවැසියන්. 20% ඉක්මවනවා. ඒත් ලංකාවේ දමිළ ජනගහණය 11%යි.

දැන් අපට තේරුම් ගන්න පුළුවන් චන්ද්‍රිකා හා වත්මන් ආණ්ඩුව කරන්න යන දෙය. ඔවුන්ට අවශ්‍ය ස්වභාවික බහුතරය සිංහල වීම නිසා එම ජනයාට ස්වභාවික ව හිමි ව තිබෙන තුට්ටු දෙක පවා බලෙන් අරගෙන සිංහල ජනවර්ගයට ස්වභාවික මරණයක් අත්කර දෙන්න. ඔවුන් ඒක දේශපාලනික ව ආර්ථික ව යන දෙපසින් ම කරයි. එතකොට සංස්කෘතික අංශය නිකංම යටත් වෙනවා. 19 වැනි සංශෙ‍ා්ධනයේ පවා අවසන් අරමුණ වන්නේ බහුතරයේ බලය සොරා ගැනීම. මෙය අසාධාරණයි. දීර්ඝකාලීන ම සැමට ම විනාශකාරියි. අර්බුදවලට මග පාදනවා. අපි මේ තත්වය තේරුම් ගත යුතුයි. හැබැයි ඊට පිළිතුරු දිය යුත්තේ සිංහලේ කොඩිය උස්සල නම් නෙමෙයි. එසේ කිරීම ඉතා ප්‍රවේශමින් කළ යුතු දෙයක් කඩා කප්පල් කිරීමක් පමණයි වෙන්නේ.



-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය

No comments:

Post a Comment