Friday, April 17, 2015

මේ වසරේ ආර්ථික වර්ධනය 6.9ට අඩු වේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මේ වසරේ (2015) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 6.9 ක්‌ දක්‌වා අඩු වනු ඇතැයි ලෝක බැංකුවේ දකුණු ආසියාතික ආර්ථික පුරෝකථන වාර්තාව සඳහන් කරයි.

ගිය වසරේ 2014 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 7.4 ක්‌ විය.

ඉදිකිරීම් කටයුතුවල සිදුව ඇති මන්දගාමීත්වය මෙසේ ආර්ථික වර්ධනය පසුබෑමට ලක්‌ වීමට හේතුව බවද එම වාර්තාවේ සඳහන්ය.

ලබන වසරේ 2016 ආර්ථික වර්ධනය සියයට 6.6 ක්‌ දක්‌වා තවදුරටත් අඩවනු ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.

නව රජය බලයට පත්වීමෙන් පසු බොහෝ සංවර්ධන කටයුතු නතර වී හෝ මන්දගාමී වී තිබේ.

No comments:

Post a Comment