Friday, April 17, 2015


සන්ධානයේ පක්‌ෂ නායකයන් ඇතුළු
මන්ත්‍රීවරු 60ක්‌ මහින්ද හමුවෙති


අනුර බාලසූරිය - නෝමන් පලිහවඩන සහ තංගල්ල පත්මසිරි ගාර්දියවසම්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හමුවීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ සහෝදර පක්‍ෂ කිහිපයක නායකයන් ඇතුළු හැට දෙනකුට ආසන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊයේ (16 දා) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසට ගියහ.

මෙම පක්‍ෂ නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක්‌ද පැමිණ තිබේ.

මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, හිටපු ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, ටී. බී. ඒකනායක, ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, එස්‌. එම්. චන්ද්‍රසේන, ජී. එල්. පීරිස්‌, ගාමිණි ලොකුගේ, මහින්දානන්ද අළුත්ගමගේ, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙලිය රඹුක්‌වැල්ල, ඩලස්‌ අලහප්පෙරුම යන මහත්වරුද ඒ අතර වූහ.

මේ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරු හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් වන සාලින්ද දිසානායක, සරත් වීරසේකර, ගීතාංජන ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, වීරකුමාර දිසානායක, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්‌ටිගම, අරුන්දික ප්‍රනාන්දු, රේණුක විදානගමගේ, රංජිත් සොයිසා, චාමික බුද්ධදාස, නාමල් රාජපක්‌ෂ, සජින් වාස්‌ ගුණවර්ධන, ලොහාන් රත්වත්ත, සනී රෝහණ කොඩිතුවක්‌කු, රොෂාන් රණසිංහ, උදිත ලොකුබණ්‌ඩාර, ශ්‍රියානි විෙ-වික්‍රම, ජයන්ත කැටගොඩ, මුතුකුමාරණ යන මහත්වරුන් සහභාගි වූ අතර තවත් මන්ත්‍රීවරු පිරිසක්‌ ඔවුන් කලින් යොදාගෙන තිබූ කටයුතු රාශියකටම සහභාගිවී තංගල්ලට පැමිණෙමින් තිබෙන බව දැනගන්නට තිබුණි.

හිටපු ඇමැතිවරු හා මන්ත්‍රීවරු පිරිස මහින්ද රාජපක්‌ෂ මහතා හමු වී අලුත් අවුරුද්දේ සුබ පතා ඇති අතර ඉන් අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡාවක්‌ද පවත්වා ඇත.

ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඇතුළු පස්‌දෙනකු පක්‍ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම, පාක්‍ෂිකයන්ට සිදුවන හිරිහැර, 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය, මැතිවරණ ක්‍රමය සංශෝධනය, මැයි දිනය පිළිබඳව මෙහිදී එම මන්ත්‍රීවරු පිරිස හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

 

No comments:

Post a Comment