Tuesday, April 21, 2015

ප්‍රවීණ ගායන ශිල්පි හරූන් ලන්ත්‍රා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කැලණිය, පොල්හේන ඒ මහතාගේ නිවසේ දී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මියයන විට 83 වැනි වියේ පසු වු හරූන් ලන්ත්‍රා මහතා කලක් රෝගාතුරව සිටියේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිත අතර දහවල් කොළඹ කලාභවනට දේහය ගෙන ඒමට නියමිතය තිබේ.

ඔහු විසින් ගායනා කරන ලද සුලං කුරුල්ලෝ, මගේ නාමලී, ආනන්ද මේ රෑ වැනි ගීත ප්‍රේක්ෂකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණි.

No comments:

Post a Comment