Friday, June 26, 2015

අනුරපුර රැලියට මහින්ද ගොඩ වෙයි!

අනුරපුර රැලියට මහින්ද ගොඩ වෙයි!

අනුර බාලසූරිය - ලසිත දුමින්ද

'දිනූ නිදහස රැක ගනිමු - මහින්ද සමග නැගිටිමු' තේමාව ඔස්‌සේ පවත්වනු ලබන රැස්‌වීම් මාලාවේ මීළඟ රැලිය අනුරාධපුරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්ව යෙන් පැවැත්වේ.

මේ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක්‌ සහභාගි වීමට නියමිතය.

මෙම රැලිය ලබන මස මුල් සති දෙක ඇතුළත පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සංවිධායක මණ්‌ඩලයේ ප්‍රකාශකයෙක්‌ 'දිවයින'ට පැවසීය.

මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතනත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරු මෙම රැස්‌වීම් මාලාව සංවිධානය කරති.

No comments:

Post a Comment