Friday, June 26, 2015

මාතරදී පැවැත් වූ විජයග්‍රහණයේ රැලිය දැවැන්තම එකක්‌ බව කියන්නේ අපි නොවෙයි රහස්‌ පොලිසියයි

මාතරදී පැවැත් වූ විජයග්‍රහණයේ රැලිය දැවැන්තම එකක්‌ බව කියන්නේ අපි නොවෙයි රහස්‌ පොලිසියයි
හිටපු ඇමැති - ඩලස්‌ අලහප්පෙරුම

කැකනදුර - ගයාන් දර්ශන සහ මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

දෙවිනුවර ආසනයට තරුණ නායකත්වය ලබාදුන් තරුණ ජවයත් එක්‌ක වැඩ කරපු දෙවිනුවර ආසන සංවිධායක එ. ජ. නි. ස. දකුණු පළාත් සභා මන්ත්‍රී කංචන විෙ-සේකර මහතාගේ ආසන සංවිධායක ධුරය මීට පැය 24කට කලින් ඉවත් කරලා. ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කරලා. පක්‍ෂයේ අසමගිය වෙනුවෙන් කටයුතු කරන කණ්‌ඩායමක්‌ ඉන්නවා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ පක්‍ෂය භේදභින්න කිරීම යෑයි මාතර දිස්‌ත්‍රික්‌ එ. ජ. නි. ස. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

පසු ගිය (19) වැනි දින මාතර නූපේ එ. ජ. නි. ස. මාතර දිස්‌ත්‍රික්‌ ප්‍රධාන කාර්යාලයෙහි පැවැති මාධ්‍ය හමුවකදී ඩලස්‌ අලහප්පෙරුම මහහා මේ බව පැවැසීය. එහිදී වැඩි දුරටත් අදහස්‌ දැක්‌ වූ ඩලස්‌ අලහප්පෙරුම මහතා. ඒකාබද්ධ විපක්‍ෂය පසු ගිය 12 වැනිදා මාතර නගරයේ පැවැත් වූ මාතර විජයග්‍රහණයේ රැලිය මාතර නගරයේ පවත්වන ලද ඉතිහාසයේ දැවැන්තම ජන රැලිය ලෙස සංවිධානය කළේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට සම්බන්ධ සහ එහි සහෝදර දේශපාලන පක්‍ෂ මාතර දිස්‌ත්‍රික්‌ බල මණ්‌ඩලයෙනි. එම රැලිය සංවිධානය කළ සියලුම මන්ත්‍රීවරුන් අද මෙතැනට පැමිණිලා තියෙනවා. මාතර නගරයේ වැඩිම ජනතා සහභාගිත්වයත් ඇතිව පවත්වන ලද විජයග්‍රහණයේ රැලිය ලෙස මෙම ජනතා රැලිය ඉතිහාස ගත වෙනවා. ලක්‍ෂයකට වැඩි ජනතා සහභාගිත්වයක්‌ එදා ජන රැලියට සහභාගි වුණා. "මහින්ද සමග නැගිටින්න" යන මෙම රැලිය ඉතිහාසයේ දැවැන්තම ජනතා සහභාගිත්වය හිමි වුණා කියලා කියන්නේ අපි නෙවෙයි රහස්‌ පොලිසිය. පොලිසිය. තමයි කියන්නේ මෙතෙක්‌ පැවැති දැවැන්තම රැලිය කියලා. හැබැයි රැලිය අවසන් වෙලා දින කිහිපයයි ගත වුණේ." මේ රැලියේ ප්‍රධාන කර්තව්‍ය ඉටු කළ අපේ කංචන විඡේසේකර තරුණ මන්ත්‍රීවරයාගේ දෙවිනුවර ආසන සංවිධායකකම නැති කර ගන්න තරම් මේ රැලිය ප්‍රබල වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා තමයි කංචනට දෙවිනුවර ආසන සංවිධායකකම පවරලා දුන්නේ. ඒ පැවරීම පවරලා දෙන යුගයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම්. මම පක්‍ෂයේ භාණ්‌ඩාගාරික ඒ වගේම දිස්‌ත්‍රික්‌ සංවිධායක. කංචන විඡේසේකර තරුණ මන්ත්‍රීවරයා ගත වුණු අවුරුදු පහක කාල සීමාව තුළ ඔහු තරුණ ජවයෙන් වැඩ කළා. අවසන් වතාවට පැවැත් වූ මැතිවරණයේදී වැඩි ජන්ද 13,000 කින් සිය ආසනය ජයග්‍රහණය කළා. මමත් දෙවිනුවර ආසනයේ සාමාජිකයෙක්‌.

මම පක්‍ෂයේ දිස්‌ත්‍රික්‌ නායකයා වුණත්, ඔහු මගේ නායකයායි. කංචන විඡේසේකර දෙවිනුවර ආසනය වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ ඉටු කළා. පසුගිය කාලය තුළ තම පක්‍ෂය වෙනුවෙන් කැපීපෙනෙන වැඩ කොටසක්‌ ඉටු කළ චරිතයක්‌. පක්‍ෂයේ සමගිය වෙනුවෙන් කටයුතු කළ තරුණ නායකයෙක්‌. පක්‍ෂයේ නිල් රැල්ල කියන තරුණ සාමාජික ගොනුවට වැඩිම සාමාජිකයන් පිරිසක්‌ ඒකරාශී කර ගෙන ඔහු ඔප්පු කරලා පෙන්නුවා තමන් ආසන සංවිධායක ධුරයට සුදුසුයි කියලා. නමුත් අද වන විට කාගේ හෝ ක්‍රියාත්මක වීමක්‌ මත ඔහුගේ ආසන සංවිධායක ධුරය අහිමි කරලා. මෙය පක්‍ෂය විසින් සිදු කළ ලොකු වැරැද්දක්‌ ඒ වගේම සදාචාර විරෝධීයි. විනයක්‌ මත පදනම් වෙලා තියෙන පක්‍ෂයක්‌ විසින් මෙවැනි දෙයක්‌ සිදු කිරීම ගැන අප කනගාටු වෙනවා. ඔහු ඉවත් කිරීම තවමත් අප්‍රකාශිත කරුණක්‌ රහසක්‌.....

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අති බහුතරය කංචන විෙ-සේකර වෙනුවෙන් පෙනී සිටිනවා. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මාතර දිස්‌ත්‍රික්‌ බල මණ්‌ඩලයේ සියලුම සාමාජිකයන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ ආසන සංවිධායක ධුරය ගැන නැවත සමාලෝචනය කරන්න. නැවත සමාලෝචනයක්‌ සිදු කරලා කංචන විෙ-සේකර තරුණ මන්ත්‍රීවරයාට නැවත එම ධුරය ලබා දෙන්න කියලා.

මෙම මාධ්‍ය හමුවේදී ද අදහස්‌ දැක්‌ වූ දෙවිනුවර හිටපු ආසන සංවිධායක එ. ජ. නි. ස. දකුණු පළාත් සභා මන්ත්‍රී කංචන විඡේසේකර මහතා

මගේ සංවිධායක ධුරය අහිමි වෙන්න මම කිසිම වැරැද්දක්‌ පක්‍ෂය වෙනුවෙන් කරලා නැහැ. මීට අවුරුදු පහකට කලියෙන් තමයි මේ තනතුර පක්‍ෂය හරහා මට ලැබුණේ. මාතර දිස්‌ත්‍රික්‌කයේ දෙවිනුවර ආසනය තුළ පමණක්‌ සාමාජිකයන් 3200 කට සීමා වෙලා සිටින පිරිස 35000 දක්‌වා ශක්‌තිමත් කර ගන්න අපට හැකි වුණා. පක්‍ෂය සහ ආසනය වෙනුවෙන් අප විශාල කැපකිරීමක්‌ සිදු කළා. නමුත් මට තවමත් ගැටලුවක්‌ මේ විදියට වැඩ කරලත් මාව මේ තනතුරෙන් නෙරපන්න ප්‍රධානතම හේතුව මොකක්‌ද කියලා. මම හිතනවා ප්‍රධානතම හේතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් පසුගිය 12 වැනිදා මාතර නගරයේ පැවැත් වූ ඉතිහාසයේ විශාල තම ජන රැලිය වෙනුවෙන් සහභාගි වීම. ඒ වගේම ඒ මහ ජනරැලිය සංවිධානය කිරීමට මූලික වීම සහ මහජන රැලියේ පිළිගැනීමේ කතාව සිදු කිරීම යන කාරණා මුල් කරගෙන මේ තනතුර අහිමි කරන්න ඇති කියලා.

ඒ වගේම පසුගිය ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී සිටින සාමාජිකයන් නිසා මේ තනතුර අහිමි වුණා ද කියන එකත් මට ගැටලුවක්‌. අපි ජනවාරි 09 වැනිදා ඉදලා නැවත මේ ගමන ආරම්භ කළේ මේ තනතුර අහිමි වෙයි, හිරගෙවල්වලවලට යන්න වෙයි, ජීවිත අහිමි වෙයි කියලා සියලු අභියෝගවලට මුහුණ දීමට හැකි ආත්මශක්‌තිය ඇති වෙයි. මම මගේ සංවිධායකකම වුණත් පරිත්‍යාග කරන්න කැමතියි ජනතාව වෙනුවෙන්.
 

No comments:

Post a Comment