Friday, June 26, 2015

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ පවත්වන විශ්මය ජනක නඩු විභාග


ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ
පවත්වන විශ්මය ජනක නඩු විභාග




ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී ශ්‍රී ලංකාවට එරෙහිව කැකිල්ලේ රජුගේ ක්‍රියාදාමයට සමාන නඩු විභාගයක්‌ පවත්වා ඇත. මේ නඩු විභාගයේ නඩුකාරයන් ලෙස බ්‍රිතාන්‍යයේ කර්සයි බ්‍රිsට්‌ස්‌ලොව් ගායිකා බියෑන්කා ජැගර් හිටපු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලී ස්‌කොට්‌ සහ කොටි හිතවාදියකුවූ සුදර්ශන් සුකුමාරන් කටයුතු කර තිබේ.

මේ නඩු විභාගයේ අරමුණ කොටි ත්‍රස්‌ත නායකයන් වූ නඩේසන්, පුලිතේවන් ඇතුළු කොටි හමුදා නායකයන් 112 කට සිදු වූ දේ විමර්ශනය කිරීමයි.

ලෝක ඉතිහාසය තුළ ත්‍රස්‌තවාදීන් සම්බන්ධව විමර්ශනය කරන ප්‍රථම අවස්‌ථාව මෙයයි.

මේ විස්‌මය ජනක නඩු විභාගය හමුවේ කොටි සාම ලේකම් කාර්යාලයේ නායක පුලිතේවන්ගේ බිරිය වූ කුරුන්සි සාක්‌කි දුන්නේය. තම සැමියා ඇතුළු කොටි නායකයන් හමුදාවට යටත් වූ බවත් ඔවුන්ව හමුදාව මරා දැමූ බව ඇය කියා සිටියාය. තමාට යුක්‌තිය අවශ්‍ය බවද කුරුන්චි තවදුරටත් පළ කළාය. එසේ නම් ඇගේ සැමියා වූ පුලිතේවන් ප්‍රමුඛ කොටි සංවිධානය මරා දැමූ දේශපාලන නායකයන් හා සිවිල් ජනතාවට යුක්‌තිය හිමි වූයේද? කුරුන්විද කොටි ත්‍රස්‌තවාදී කාන්තාවකි.

මේ නඩු විභාගය සංවිධානය කර තිබුණේ තමිල්නාඩුවේ පසුම් නායගම් නමැති කොටි හිතවාදී සංවිධානයයි. මෙහිදී කර්ස්‌ට්‌ බ්‍රිට්‌ස්‌ලෝ නමැත්තා ප්‍රකාශයක්‌ කරමින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම ගැන රජය ප්‍රතිචාර දැක්‌විය යුතු බව කියා සිටියේය. ගායිකා බියන්කා ජැගර්ද ප්‍රකාශයක්‌ කරමින් කොටි හමුදා නායකයන් ඝාතනය වූයේ කෙසේද යන්න මෙතෙක්‌ කිසිවෙක්‌ නොදන්නා බව කීවාය.

නිකරගුවා කාන්තාවක්‌ වූ බියෑක්‌කා ජැගර් දැන් මානව හිමිකම් පදනම නමින් රාජ්‍ය නොවන සංවිධානයක්‌ මෙහෙය වේ.

මදුරාසියේ නිතීsවේදියකු වූ බාලු කල්ල පෙරුමාල්ද මෙහිදී ප්‍රකාශයක්‌ කරමින් ලොව අතුරුදන් වූවන් විශාල ලෙස සිදු වී ඇති දෙවැනි රට ශ්‍රී ලංකාව බවට පළ කළේය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක්‌ තුළ කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් හඬක්‌ නැගීමට ඉඩ ලැබීම විස්‌මය ජනක සිද්ධියකි.

මේ අන්දමට අල්කයිදා ත්‍රස්‌තවාදීන් අතුරුදන් වීම ගැන මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක්‌ තුළ නඩු sවිභාග පැවැත්වීමට රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩ ලැබේද?

කොටි සංවිධානය බිහිසුණු ලෙස ඝාතන සිදු කරද්දී බියන්කා ජැගර් ගායිකාව කර්ස්‌ට්‌ බ්‍රිට්‌ස්‌ලෝව් සහ හිටපු මන්ත්‍රී ලී ස්‌කොට්‌ කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත. එහෙත් දැන් බිහිසුණු ත්‍රස්‌තවාදීන්ගේ මානව හිමිකම් ගැනද හඬ නැගීම සඳහා මානව හිමිකම් කවුන්සිලය භාවිත කරයි. අල්කයිදා නායක බින් ලාඩන්ගේ බිරිය මානව හිමිකම් ශාලාවට පැමිණියහොත් ඇගේ සැමියා මරණයට පත් වූ ආකාරය ගැන කරුණු දැක්‌වීමට ඇයට ඉඩ ලැබෙන්නේ නැත.

මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක්‌ තුළ පැවැති මේ නඩු විභාගය පිළිබඳව නිරීක්‍ෂණය කිරීමේදී ශ්‍රී ලාංකික ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කළ කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් හඬ නැගීමට ඉඩ ලැබීම මානව හිමිකම් ක්‍ෂේත්‍රයටම සිදු වූ අවමානයකි.

එක්‌ ශාලාවක්‌ තුළ මානව හිමිකම් පරීක්‍ෂණ මණ්‌ඩලය ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා විමර්ශනය කරද්දී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ තවත් ශාලාවකදී කොටි හමුදා නායකයන් 112 කට සිදු වූ දේ ගැන සෙවීම ලැඡ්ජා සහගත ක්‍රියාවකි. මානව හිමිකම් ඉතිහාසයේ මෙවැන්නක්‌ මින් පෙර සිදු වී නැත.

කීර්ති වර්ණකුලසූරිය

No comments:

Post a Comment