Friday, June 26, 2015

වත්මන් පාලනයට මාස හයක්‌වත් නෑ! ජනතාව දැන් අසීරුතාවට පත්වෙලා - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ


වත්මන් පාලනයට මාස හයක්‌වත් නෑ!
ජනතාව දැන් අසීරුතාවට පත්වෙලා

- හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

කරුණාරත්න පල්ලේගම - බණ්‌ඩාරවෙල

වත්මන් පාලකයන් රට භාරගෙන මාස හයක්‌වත් ගත වී නැතත් මේ වන විට මුළු රටේම සියලු සංවර්ධන කටයුතු නතර වී ජනතාව දැඩි අසීරුතාවකට පත්කරමින් රටේ දූෂණය, භීෂණය, හොරකම් සහ මංකොල්ලකෑම් වැඩිවෙමින් රට අරාජික තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවත් එසේ තිsබියදීත් යහපාලකයන් මේවා නතර කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගන්නා බවත් මේ නිසා ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්වී ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් 24 වැනිදා හවස හපුතලේ සොරගුණේ කුඩා කතරගම දේවාලයේදී පැවසීය.

හපුතලේ සොරගුණේ පිහිsටි කුඩා කතරගම දේවාලයේ දේව ආශිර්වාදය ලබාගැනීම සඳහා දේව පූජාවකට සහභාගි වෙමින් අනතුරුව හිටපු ජනපතිවරයා පැමිණ සිටි ජනතාව අමතමින් මේ බව පැවසීය.

මෙම පූජාව බදුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්‌ඩාර මහතා සංවිධානය කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා,

වත්මන් පාලකයන් මේ රටේ පාලනය බාරගෙන මේ වන විට මාස හයක්‌වත් නෑ. නමුත් මේ වන විට රට අරාජික තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. රටේ භීෂණය වැඩිවෙලා. මංකොල්ලකෑම් වැඩිවෙලා. සොරකම් වැඩිවෙලා. දූෂණ වැඩිවෙලා. නමුත් පාලකයන් මේවා නතර කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගන්නේ නෑ. ගන්න බවක්‌ පේන්නවත් නෑ.

අද වන විට රටේ සංවර්ධනය මුළුමනින්ම ඇනහිටලා. කිsසිදු සංවර්ධනයක්‌ සිදුවෙන්නේ නෑ. අපි කරපු සංවර්ධන වැඩ කටයුතු සියල්ල මේ වන විට නතර කරලා. මෙම සංවර්ධන කටයුතු නතර කර තිබෙන්නේ මගෙන් පළිගැනීමටයි. නමුත් මේ වන විට වත්මන් පාලකයන් රටේ ජනතාවගෙන්ම පළිගැනීම සිදුකරලා.

මේ මහින්ද රාජපක්‍ෂ කවදාවත් කාගෙන්වත් පළිගත්තේ නැහැ. පක්‍ෂ පාට ජාති කුල ආගම් කිසිවක්‌ සැලකුවේ නෑ. සියලු දෙනාටම එකසේ කටයුතු කළා. කිසිම අවස්‌ථාවකදී පෞද්ගලික වාසි බලාගෙන රට පාවාදීමට කටයුතු කළේ නෑ. විවිධ පුද්ගලයන්, විවිධ රටවල කොටි ත්‍රස්‌තවාදය සමඟ ගිවිසුම්වලට එළඹීමට අපට උපදෙස්‌ දෙද්දී බලකරද්දී අපි අපේ රට වෙනුවෙන් රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් රට බේරාගැනීමට කටයුතු කළා. එසේ කටයුතු කළ අපිට දැන් වත්මන් පාලකයන් ජාතිෙද්‍රdaහීන් කියනවා.

යහපාලනය සඳහා ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව පවසමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර හතළිස්‌ හයක්‌ තිබෙන එ.ජා. පක්‍ෂය අපේ පැත්තෙන් ද මන්ත්‍රීවරුන් කීපදෙනකු රැගෙන ඇමැතිකම් ලබාදුන්නා. නමුත් ඒ ඇමැතිකම්වලින් වැඩක්‌ කරන්න බෑ. වැඩක්‌ කරන්නෙත් නෑ.

අද වන විට ජනතාව අසරණවෙලා. රටේ ආර්ථිකය කඩාවැටිලා. රුපියලේ අගය දිනෙන් දින මාසයෙන් මාසය අඩු වෙනවා. එය නතර කර ගැනීමට හැකියාවක්‌ නෑ. මේ වන විට මහ බැංකුව විනාශ කරලා. ඉදිරියේදී මොනවා වෙයිද කියා හිතාගන්නවත් බෑ.

අද වන විට නැවත මේ රට දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. ආපසු රටේ යුද්ධයක්‌ ආරම්භ කිරීම සඳහා ආයුධ සහ මුදල් එකතු කරන බව විදේශ රටවල් කියනවා. නමුත් රටේ පාලකයන් ඒ පිළිබඳව කිසිදු තැකීමක්‌ සිදුකරන්නේ නෑ. තත්ත්වය එසේ වුවත් උතුරු නැගෙනහිර පිහිටි යුදමය අතින් ඉතාමත් වැදගත් යුද හමුදා කඳවුරු ඉවත් කරමින් පවතිනවා.

මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දැඩි පසුබෑමක්‌ පැවති නිසා අප අපේ පාලන කාලයේ ශීඝ්‍රයෙන් අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කළා.

පාසල් තුළ පහසුකම් තිබුණේ අවම ප්‍රමාණයෙන්. ඒ නිසා අප අපේ කාලයේ නගරයේ මෙන්ම ගමේ පාසලට ද ගොඩනැඟිලි ලබාදෙමින් විද්‍යාගාර, ඉදිකරමින්, පුස්‌තකාල ඉදිකරමින් ගණිතාගාර, භාෂාගාර ඉදිකිරීමට කටයුතු කළා. එසේ කරන අතරම මහින්දොaදය විද්‍යාගාර සහ මහින්දෝදය තාක්‍ෂණ පීඨ ආරම්භ කරමින් පාසල් තුළ අංගසම්පූර්ණ අධ්‍යාපනයක්‌ ලැබීමට හැකිවන ආකාරයට පාසල් පද්ධතිය ගොඩනැඟුවා. නමුත් අද මහින්දොaදය කෑල්ල ඉවත් කරනවා.

අපි රටට වැඩ කළේ ලාබ ප්‍රයෝජන ගැනීමට නොවෙයි. අපේ ජනතාවට ඉදිරි පරපුරට සුරක්‍ෂිත රටක්‌ හොඳ අනාගතයක්‌ සකස්‌ කිරීමටයි. එසේ කළ අපට දැන් හොරා හොරා යයි කියමින් අවලාද නගනවා. අපි කිසිදාක හොරකම් කර නෑ. එම නිසා ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ජනතාව වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරනවා.

බදුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හපුතලේ ආසනයේ ප්‍රධාන සංවිධායක උදිත් ලොකුබණ්‌ඩාර මහතා ද මෙහිදී අදහස්‌ දැක්‌වීය.

බදුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර, චාමික බුද්ධදාස, තේනුක විදානගමගේ යන මහත්වරු ද ඌව පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරු රැසක්‌ ද සහභාගි වූහ.

No comments:

Post a Comment