Friday, June 26, 2015

මට මහින්දගේ සහාය ඕනෑ - විපක්‍ෂ නායක කියයි

මට මහින්දගේ සහාය ඕනෑ
- විපක්‍ෂ නායක කියයි

නෝමන් පලිහවඩන

විපක්‍ෂ නායකවරයා ලෙස ක්‍රියාකරන තමාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයෝගය අවශ්‍ය බව ද එසේ කළ නොහැකි නම් ඔහු දේශපාලනයෙන් ඉවත් විය යුතු යෑයි ද විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා 'දිවයින'ට ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ මොහොතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම වගකීම පැහැර නොහරින බව තමාට විශ්වාස යෑයි ද කී විපක්‍ෂ නායකවරයා ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකමුතු වෙන බව ද තමාට විශ්වාස යෑයි කීවේය.

පක්‍ෂය ඒකරාශී කිරීම තමාගේ ඊළඟ වගකීම යෑයි ද හෙතෙම සඳහන් කළේය

No comments:

Post a Comment