Wednesday, June 24, 2015

ඊළම වෙනුවෙන් උතුර-නැගෙනහිර ජනමත විචාරණයක්…

ඊළම වෙනුවෙන් උතුර-නැගෙනහිර ජනමත විචාරණයක්… දෙමළ ඊළාමය සඳහා වහාම ශ‍්‍රි ලංකාවේ උතුර හා නැගෙනහිර දෙපාළාත තුල ජනමත විචාරණයක් පැවැත්විය යුතු යයි යෝජනාවක් දෙමළ ඊළාම් විමුක්තිය සඳහා වන ශිෂ්‍ය සහ තරුණ ඒකාබද්ධ සංවිධානය විසින් සම්මත කර ගැනීමට සූදානමින් සිටිති.
මෙම යෝජනාව ‘අඛණ්ඩව සිදුවන ජාති ඝාතනය’ යනුවෙන් නම් කර ඊළාම් දෙමළ ජනතාව සඳහා වන ස්ථීර දේශපාලන විසඳුම අරමුණු කරනමින් චෙන්නායි බටහිර මාම්පලම් කදිරේෂන් උත්සව ශාලාවේදී ලබන 05 වනදා පැවැත්වෙන සමුළුවකදී ඉදිරිපත් කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
ඊළමෙහි සිදුවූයේ සහ අදටද සිදුවෙමින් පවතින්නේ සැලසුම් සහගත ජාති ඝාතනයක් බවත්, එම ජාති ඝාතන අපරාධය ගැන ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදී විභාග කල යුතු බවත් ඔවුහු කියා සිටිති.

No comments:

Post a Comment