Sunday, June 28, 2015

ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය පරාජය කළ ශ්‍රෝෂ්ඨ රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගය ගෞරවනීයයි'

ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය පරාජය කළ ශ්‍රෝෂ්ඨ
රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගය ගෞරවනීයයි'

ජනපති දියතලාවේ දී ....


ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය
සිරිමෙවන් කස්‌තුරිආරච්චි දියතලාවේ සිට

ම්ලේච්ඡ ත්‍රස්‌තවාදයට විරුද්ධව සටන් කළ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාග කිරීම ගෞරවනීය ලෙස සිහිපත් කිරීම අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනපතිවරයා මේ කරුණු ප්‍රකාශ කළේ දියතලාව හමුදා විද්‍යා පීඨයේ පෙරේදා (27 දා) පැවැති කෙඩෙට්‌ නිලධාරීන්ගේ විසිරයැමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

අපේ අසල්වැසි ඉන්දියාවේ යුද හමුදාවටත් එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීමට නොහැකි විය. අපේ ආරක්‍ෂක අංශ එය විශිෂ්ටව ඉටුකළ බව මෙහිදී ජනපතිවරයා ප්‍රකාශ කළේය.

යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුදකළ යුතු බවත් මෙහිදී ජනපතිවරයා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment