Saturday, June 27, 2015

මහ ඇමැති නිල නිවසේ මන්ත්‍රී සාදය අතර මහින්ද ගිය රහසිගත ගමන

මහ ඇමැති නිල නිවසේ  මන්ත්‍රී සාදය අතර
මහින්ද ගිය රහසිගත ගමන



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්‌ ගැන හැමදාමත් අලුත් තොරතුරක්‌ ආ තවත් සතියක්‌ ගෙවී ගියේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බාලගිරි දොaෂය මෙන් දවසින් දවස කල් යද්දී තවත් දේවල් වෙමින් තිබිණි. දේශපාලනයේ නොයෙකුත් වෙනස්‌කම් වෙමින් තිබිණි. සිදුවේ යෑයි සිතා සිටි දේ නොවීමත් සිදුනොවේ යෑයි සහතික වෙමින් තිබූ දේ සිදු වෙමින් තිබිණි.

බැලු බැලූ සෑම අතකම රජ කළේ අවිනිශ්චිත බවයි. තාවකාලික බවයි. දකින හා තිබෙන කිසිවක්‌ සදාකාලික නොමැති බවයි. පසුගිය සතියම ගෙවී ගියේ මේ අයුරිනි.

දේශපාලනමය වශයෙන් කිසිවක්‌ ලොකුවට සිදු නොවූ නිෂ්ක්‍රීය දවස්‌ කිහිපයක්‌ වුවත් පසුගිය සතියේ අපේ දේශපාලනඥයන්ට හා පක්‍ෂවලට කිසි විවේකයක්‌ නම් නොවීය. හැම කෙනකුම සිටියේ කාර්ය බහුලවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගිය සතියේත් සුපුරුදු ලෙස පන්සල් යමින් සිටියේය. පන්සල් යැම ගැන ආණ්‌ඩු පක්‍ෂය හා ඔහුගේ ඇතැම් විරුද්ධවාදියෝ කවර විවේචන එල්ල කළත් ඔහු "පුරුද්ද" අතහැරියේ නැත. පසුගිය සෙනසුරාදා ගාල්ලේ එබඳු ගමනක්‌ ගියේය.

සෙනසුරාදා උදේ මහනුවර දිලුම් අමුණුගමගේ සංවිධානය කළ උත්සවයකට ගිය මහින්ද එහි සිට කෙළින්ම ගාල්ලට ආවේ යටගල පුරාණ රජමහා විහාරයේ උත්සවයකට සහභාගි වීමටය. විහාරයට ගොස්‌ උත්සව සභාවට සහභාගි වී ආපසු ගමනේදී කෙළින්ම ආවේ මනූෂ නානායක්‌කාරගේ නිවසටය. මනූෂගේ නිවසේ මහින්ද එනතුරු ආධාරකරුවෝ විශාල පිරිසක්‌ බලා සිටියහ.

ඊයේ අර හයදෙනාගේ කමිටුව ගිහිල්ලා නේද ජනාධිපතිතුමා හමුවෙන්න. එක්‌ අයෙක්‌ කතාව මතු කළේ එසේය.

ඔව්.... මට ආරංචියි ගියපු අයට කියපු දේවලුත්. කිව්වලු මට අගමැති අපේක්‍ෂකකම ඉල්ලන්න එපා කියලා. තනතුර පස්‌සේ දෙන්නම් කිව්වලු. හැබැයි වේදිකාවට නැගලා පක්‍ෂය දිනවන්න වැඩ කරන්න කිව්වලු. ඡන්දෙ ඉල්ලන්නේ නැතුව උදව් කරන්න කියලලු කියන්නේ.

ඒ වුණාට ඉතින් රාජිත කියන්නේ වෙනමම කතාවක්‌ නේ සර්. රාජිත කියන්නේ කාගෙ මතයද කියල අපි දන්නේ නැහැනේ.

කොහොමටවත් ඔය පොරොන්දු ගැන අපි හිතන්නේ නැහැ නේ. අපි බලමු මොනවද වෙන්නේ කියලා. කියමින් මහින්ද රාජපක්‍ෂ එළියට බැස්‌සේ පැමිණ මිදුලේ බලා සිටි සෙනඟ ඇමතීමටය. වේදිකාවක්‌ නැතුවම ඔහු එදා 3000 ක්‌ පමණ වූ සෙනඟක්‌ ඇමතුවේය.

බැසිල් බලන්න රාජිතත් ගිහින්ලු

අපේ රටේ ජනමාධ්‍ය පසුගිය සතියේ බැසිල් රාජපක්‍ෂ ගැන ද වැඩි අවධානයක්‌ යොමු කරමින් කතා බහ කරන්නට පටන් ගත්තේය. ඊට හේතුව පසුගිය 16 වැනිදා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස ලබා තිබීමයි.

දින 55 ක්‌ එක දිගට බන්ධනාගාරගතව සිටි බැසිල්ට 16 වැනිදා නිදහස්‌ව ගෙදර යැමට බැරි විය. ඔහුට වැළඳී තිබූ රෝගාබාධ තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට ඩර්ඩන්ස්‌ රෝහලේ නතරවීමට ඔහුට සිදුවිය. රෝහලෙන් සුවය ලබා පිටත්ව ගියේ පසුගිය 25වැනි බ්‍රහස්‌පතින්දාය.

රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතරතුර ද ඔහුට නිදහසක්‌ නොවීය. ඊට හේතුව වරින්වර ආණ්‌ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් මැති ඇමැතිවරු හා මන්ත්‍රීවරු නිතර නිතර ඔහු හමුවන්නට පැමිණි නිසාය. වෛද්‍ය රාජිත සේනාරත්න, ජගත් පුෂ්පකුමාර, ලලිත් දිසානායක ඇතුළු මුස්‌ලිම් ප්‍රජාව නියෝජනය කරන මන්ත්‍රීවරු ද මෙසේ ආගිය දේශපාලනඥයන් අතර කැපී පෙනිණි.

මේ හමුවීම් අතර ඉතා සුවිශේෂී හමුවීමක්‌ ලෙස සැලකිය හැක්‌කේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැමිණීමයි.

පසුගිය සෙනසුරාදා හවස බැසිල් රාජපක්‍ෂ හමුවන්නට ගොස්‌ සිටි ලසන්ත අලගියවන්නගේ දුරකථනයට හදිසි ඇමතුමක්‌ ආවේය.

ආ... ඔබතුමා ආවද.... හරි හරි... ඉන්න මම එන්නම් පල්ලෙහාට. ලසන්ත කීවේය.

කවුද ඇවිත් ඉන්නේ.... බැසිල් ඇසීය.

රාජිත ඇමැතිතුමාට ඔබතුමාව හමුවෙන්න ඕනලු.

බැසිල්ගෙන් ඊට වැඩි කැමැත්තක්‌ තිබුණේ නැත. ඒත් එන්නට කියන්නැයි කීවේය.

බැසිල් හමුවන්නට ආ රාජිත පැය 2 කටත් වැඩි කාලයක්‌ එතන කාලය ගත කළේය. ආගිය කතාබහට පසු බැසිල් තරමක නොමනාපයෙන් රාජිත හා කතා කළේ රාජිත නිතර නිතර මහින්ද රාජපක්‍ෂට කළ බැණවැදීම් ගැනය. රාජිතට අමතකව ගිය අතීතය හා සමහර සිදුවීම් මතක්‌ කරදුන් බැසිල් කළගුණ නොදන්නෙක්‌ මෙන් රාජිත අද කටයුතු කිරීම ගැන තම කනගාටුව පළ කළේය.

ඒ අතර බැසිල් තම කොට්‌ටය යට තිබී ලිපි ගොනුවක්‌ අතට ගත්තේය. එහි තිබුණේ ඉදිරි මහ මැතිවරණය ගැන බැසිල් කරන ලද විශ්ලේෂණාත්මක විමසුමකි. මහින්ද වෙනම කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කළහොත් කිසිදු කරදරයක්‌ නැතිව ආසන 75 කට වැඩි ප්‍රමාණයක්‌ දිනාගන්නා ආකාරය පෙන්වා දුන්නේය.

මේ අතරතුර එතැනට බන්දුල ගුණවර්ධන ද පැමිණියේය. බැසිල් ප්‍රතිකාර ගනිමින් සිටි කාමරය දේශපාලන වාද පිටියක්‌ බවට පත්වී ඇත්තේ එතැන් සිටය....

20 වන සංශෝධනය කල්යන්නේ මෙහෙමයි

පසුගිය සතියේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීම තිබුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එහිදී කතාබහ කළේ 20 වැනි සංශෝධනය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව ගැනය.

මෙහිදී මුලින්ම කතා කළේ µයිසර් මුස්‌තාපාය. "මේ 20 වන සංශෝධනය පිළිබඳ යෝජනාව නීත්‍යානුකූල නැහැ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙනත් තියෙනවා. කැබිනට්‌ එකෙන් ගැසට්‌ එකට ගිහින් තියෙනවා. ඊට පස්‌සේ පාර්ලිමේන්තුවට ඇවිත් න්‍යාය පුස්‌තකයට ඇවිත් සුප්‍රිම් උසාවියට යන්න නියමිතයි. එහෙම වාතාවරණයක කොහොමද මේක ගැන කල් තැබීමේ විවාදයක්‌ තියන්නේ.

µයිසර්ගෙන් පසු කතා කළේ ඩිලාන්ය.

ජනාධිපතිතුමනි, 20 වන සංශෝධනයට රනිල් වික්‍රමසිංහලා මුල ඉඳලම බාධා කළා. කකුලෙන් ඇද්දා. මීට ඉස්‌සරවෙලා තිබුණ කණ්‌ඩායම් රැස්‌වීමේදී ඔබතුමාගේ ඉල්ලීම පරිදි අපි එකතු වෙලා සංශෝධන ගෙනාවා සන්ධානය හැටියට. 256 ට අඩු 160 ක්‌ මන්ත්‍රී ආසන තියන සංශෝධනයක්‌. එයත් සැලකිල්ලට අරන් තමයි මේ ව්‍යවස්‌ථා යෝජනාව අලුතින් ගෙනත් තියෙන්නේ. මෙය අපි විවාදයට ගත යුතුයි. එහෙම අවස්‌ථාවක ඇයි සභාව කල්තැබීමේ යෝජනාවත් මේකට ගේන්නේ. මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌. මොකද සභාව කල්තැබීමේ අවස්‌ථාවේ ගේන කිසිම යෝජනාවක්‌ නෛතික බැඳීමක්‌ නෑ. මේක බොරුවක්‌. සුළු පක්‍ෂ විරෝධය පෙන්නලා 20 වන සංශෝධනය වළදාන්නයි හදන්නේ. ඒක නිසා අපි මේ යෝජනාව ඡන්දයක්‌ විමසලා පරාජය කරමු... ඩිලාන් යෝජනා කළේය.

එහෙම නම් අපි මෙහෙම කරමු. එක්‌කෝ මේක ගේන එක පරාජය කරමු. එහෙම නැත්නම් විවාදයට ගනිමු. නැත්නම් අපි වර්ජනය කරල නැගිටල යමු. එස්‌. බී. දිසානායක එසේ කියද්දී ජගත් පුෂ්පකුමාර ද එය අනුමත කළේය.

මේ යෝජනාවලිය සුප්‍රිම් උසාවියට ගියාම අපිට බෑ ආයෙත් ඊට සංශෝධන ගේන්න. දිනේෂ් කීවේය.

නැහැ නැහැ අපිට කාරක සභා අවස්‌ථාවේදී සංශෝධන ගේන්න පුළුවන් ඩිලාන් කීවේය.

මේ අයුරින් 20 වන සංශෝධනය කල්තැබීමේ විවාදය ගැන මන්ත්‍රීවරු එක එක විදියේ අදහස්‌ දැක්‌වූහ. විරුද්ධව කතා කළහ. එහෙත් ප්‍රශ්නය මතු වූයේ මෙම විවාදයට ඔබලා කැමැති වුණේ ඇයිද කියාය.

අපි කැමති වුණේ, අපිට ලක්‍ෂ්මන් කිරිඇල්ල කිව්වා ජනාධිපතිතුමාට මේ විවාදය ඕන කියලා. ඒකයි අපි එකඟ වුණේ ඔබතුමා නිසයි. ඩග්ලස්‌ දේවානන්දා කීවේය.

නෑ නෑ මේක වැඩකට නැති විවාදයක්‌. නිකරුණේ කාලය කා දැමීමක්‌. අපි මේක අත්ඇරල දාමු. කෙහෙළිය කීවේය.

නැහැ නැහැ මේ විවාදය අවශ්‍යයි. සභානායකතුමා විවාදය ගෙනත් තියෙනවා. සුළු පක්‍ෂවලට තම අදහස්‌ කියන්න අවස්‌ථාවක්‌ ලැබෙනවා. අපි මේ විවාදය පවත්වමු. මේක අවශ්‍යයි. මහින්ද අමරවීර කීවේය.

මෙයා මේ කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන දේම නේ... බලන්නකෝ ජනාධිපතිතුමා කිසිම වෙනසක්‌ නෑනේ... ඩිලාන් කීවේය.

ඔබතුමා කිව්වද මේක විවාදයට ගන්න කියලා. මුරුගේසු මන්ත්‍රීවරයා ඇසීය. කිරිඇල්ල මන්ත්‍රීතුමා කියනවා ඔබතුමා ගන්න කිව්වා කියලා.

නෑ නෑ.. මම එහෙම එකක්‌ කියලා නැහැ ජනාධිපති කීවේය.

කොහොමහරි දැන් මේක විවාදයට ගන්න අපට සිදුවෙලා තියෙනව නේ. විවාදයට ගෙනත් තියෙනවා. කල්තැබීමේ විවාදය අපි කරමු. අපි කථිකයෝ තෝරගෙන වැඩේට ලෑස්‌ති වෙමු. ජෝaන් සෙනෙවිරත්න, මේ වාද විවාද කතාබහ අන්තිමේ අවසන් කළේ එසේය.

ඒ අනුව පසුගිය සතියේ 20 වන සංශෝධන යෝජනාව ගැන පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය පැවැත්විණි. ඒ විවාදය ඇතුළේ ද තවත් හරි හරි දේවල් සිදුව තිබිණි.

එස්‌. බී. ට වැරදිලා කතා කළේ මහින්දටලු

අඟහරුවාදා සිට පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදය පටන් ගැනිණි. ආණ්‌ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් කථිකයෝ ඊට මහත් උද්යෝගයෙන් යුතුව සහභාගි වූහ. මේ අතර සමහර අය උදහසට ලක්‌ව සිටියේ විවාදයට වෙන් කරන ලද කාලවේලාව තම තමන්ට මදිවීම නිසාය. වේලාව මදි වූ එක්‌ අයෙකි එස්‌. බී. දිසානායක.

ගන්න කෝල් එකක්‌ ජනාධිපතිතුමාට. මට දීල තියෙන්නේ විනාඩි 7 යි. ජනාධිපතිතුමාට මේවා කියන්න ඕන. එස්‌. බී. කේන්තියෙන් යුතුව තම ආරක්‍ෂක නිලධාරියාට කීවේය.

ආරක්‍ෂක නිලධාරියා ඇමතුම ගනිද්දී එහා පැත්තෙන් උත්තර දුන්නේ ද ආරක්‍ෂක නිලධාරියෙකි. ඔහු නම ඇසූ සැනින් දුරකථනය තම ස්‌වාමියා වෙත දුන්නේ මෙසේ කියමිනි.

සර්.... මෙන්න එස්‌. බී. ඇමැතිතුමා කතා කරනවා.

සැබැවින්ම එස්‌. බී. ට කතා කරන්නට උවමනා වී තිබුණේ මෛත්‍රී ජනාධිපතිටය. නමුත් ඇමතුම ගියේ මහින්ද ජනපතිටය.

සර් මේ විවාදයට ඉන්න මට නම් බැහැ. මට විනාඩි 7 යි දීල තියෙන්නේ. මට ඒක මදි. මට කතා කරන්න විනාඩි 20 ක්‌වත් ඕන. අපි නේ මෙතන සර් වෙනුවෙන් කතා කරන්නේ.

හරි හරි... විනාඩි 20 ක්‌ නෙවෙයි දවසක්‌ වුණත් දෙන්නම්කෝ. ඒත් මල්ලි උඹ මේ වැඩියෙන් වෙලාව ඉල්ලන්නේ මට බනින්න නේ..

මහින්ද එසේa සිනහසී උත්තර දෙන විට එස්‌. බීට පටලැවිල්ල වැටහී ගියේය. මේ විවාදය නිසා සිදුවුණ මෙබඳු පටලැවිලිවල ද හිඟයක්‌ නැත.

කුස්‌සියේ කල්ලි ගැන හකීම්ගේ හෙළිදරව්ව

මේ විවාදය අතරතුර තවත් කැපී පෙනෙන සිද්ධියක්‌ ලෙස හකීම්ගේ පරලවීම දැක්‌විය හැකිය.

පසුගිය සතියේ හකීම්ට හොඳටම රතු කට්‌ට පනින්නට යකා නැග තිබුණේ ජවිපයේ අනුර කුමාර දිසානායකලා ඔහුට නඟා තිබූ චෝදනා නිසාය. හකීම් - රනිල් ගේ බළල් අතක්‌ ලෙස වැඩ කරමින් 20 වන සංශෝධනයට විරුද්ධ වන බව ජවිපෙය කීය. මහින්ද පිලේ සමහර මන්ත්‍රීවරු ද කීහ. හකීම්ට මේ චෝදනා ඉවසා ගත නොහැකි විය.

විවාදයේදී හකීම් කට ඇරියේය. මෙම යෝජනාවලට තමන් එකඟ නැත්තේ රනිල් නිසා නොව, මේ යෝජනා සුළු ජාතීන්ට අහිතකර නිසා බව ඔහු කීවේය.

මේක බලෙන් අපි මත පටවන්න බෑ. අපිට කැබිනට්‌ මණ්‌ඩලයේත් කතා කරන්න දෙන්නේ නැති ඒකාධිපති ඇමැතිවරු ඉන්නවා. අපිව යටපත් කරන්න හදනවා. අපිව පාලනය කරන්න හදනවා. මේවා කරන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් කවදාහරි ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න පිටින් ආපු දේශපාලනඥයෝ. ශ්‍රී ලංකා එක ඔහුගෙන් පරිස්‌සම් වෙන්න ඕන. ශ්‍රී ලංකා එක බේරගන්න. මේවා කරන්නේ කැබිනට්‌ එකේ කුස්‌සියේ කල්ලිය. අපිට බලපෑම් කරනවා. අනේ දෙයියනේ මහින්ද රාජපක්‍ෂ පිටුදකින්න ගිහින් අපට වෙච්ච දෙයක්‌.... කියමින් හකීම් කතා කළේ මහින්දගේ කාලේ මෙබඳු දේවල් වුණේ නෑ කියන්නාක්‌ මෙනි.

හකීම්ගේ ඒ තදබල ප්‍රකාශය කෙළින්ම එල්ල කළේ ඔහුට නිතර නිතර කැබිනට්‌ රැස්‌වීම්වලදී එරෙහි වූ චම්පික රණවකට බව කවුරුත් දැන සිටියහ. සමහරු කීවේ චම්පිකට පමණක්‌ නොව, රාජිතට ද මේ උත්තර සමහරක්‌ ඒවා අදාළ බවය. කෙසේ වෙතත් හකීම් ඉතාමත් සාර්ථකව තම "භාව විරේකය" ඉටුකරගත් බව නම් පෙනෙන්නට තිබිණ.

ආප්පයි කෝපියි ඩිලාන්ටත් එපාලු

බ්‍රහස්‌පතින්දා උදේ 7.00 වන විට අනුර යාපා, ඩිලාන්, ජෝන් සෙනෙවිරත්න යන තිදෙනා මහින්ද - මෛත්‍රී සමගි කිරීමේ කමිටුව හැටියට හිටපු ජනාධිපතිවරයා මුණගැසීමට මහින්ද රාජපක්‍ෂගේ මිරිහාන ගෙදරට ගියහ. ටී. බී. ඒකනායක හා කුමාර වෙල්ගම ඊට පෙර එතැනට පැමිණ සිටියහ. සුසිල් ප්‍රේමජයන්ත නොපැමිණියේ ඒ වන විට ඔහු තම දියණියගේ අධ්‍යාපන කටයුත්තක්‌ සඳහා එතෙර ගොස්‌ සිටි නිසාය.

සමගි කමිටුවේ 6 දෙනා හා හිටපු ජනපතිගේ සාකච්ඡාව සුහදව ආරම්භ කෙරිණි. ඊළඟ මැතිවරණය, ප්‍රාදේශීය සභා ඡන්දය, පක්‍ෂයේ සමගිය, පක්‍ෂයේ එකමුතුකම, සන්ධානයේ ඉදිරි ගමන ගැන හොඳ ප්‍රවේශයකින් සාකච්ඡාව පැවැත්විණි.

පක්‍ෂය මොනවද ඉල්ලන්නේ, රට මොනවද ඉල්ලන්නේ ජනතාව මොනවද ඉල්ලන්නේ, අන්න ඒ අනුව වැඩ කරන්න මම කැමතියි. මම පක්‍ෂය කඩන්නේ නැහැ. මම පක්‍ෂය දාල යන්නේ නැහැ. අන්න ඒ තැන ඉඳල ඔයාලත් ඉදිරි වැඩසටහන හදාගන්න. මහින්ද කීවේය.

ඔයාලට මම කෑම ලෑස්‌ති කළා. හැබැයි මට කන්න බෑ. මම තව පොඩ්ඩකින් යනවා මඟුල් ගෙදරක අත්සන් කරන්න. ඔයාලා කන්න වාඩිවෙන්න.

අපි ඕන දෙයක්‌ කන්නම් සර්. ආප්පයි කළු කෝපියි නැතුව ඩිලාන් විහිළුවක්‌ කළේය.

මහින්ද මන්ත්‍රීවරුන්ගෙන් සමුගෙන මඟුල් ගෙවල් සවාරියේ ගියේය. උදේ ආහාරයෙන් පසුව 6 දෙනාගේ කමිටුව යළි අනුර යාපාලගේ ගෙදරට ගියේ සාකච්ඡාවේ ප්‍රගතිය ගැන වාර්තාවක්‌ සෑදීම සඳහාය.

අගමැති රනිල්ගේත් ගම ගාල්ලෙලු

බ්‍රහස්‌පතින්දා උදේ වැඩ රාජකාරි ඇරඹීම සඳහා අගමැති රනිල් අරලියගහ මන්දිරයට එන විට මන්දිරයේ හැම තැනම සිටියේ පාසල් දරු දැරියන්ය. දරු දැරියෝ සිය ගණනක්‌ වත්තේ ඔබ මොබ ඇවිදිමින් සිටිනු දුටු රනිල් ඔවුන් ළඟට ගොස්‌ මෙසේ ඇසීය.

ඔයගොල්ලෝ කොහෙන්ද?

අපි ගාල්ලෙන් සර්... ළමෝ කෑ ගැසූහ.

ඔයාල දන්නවද මමත් ගාල්ලේ තමයි මගේ තාත්තා ගාල්ලේ. අපේ නෑයෝ හරියට ඉන්නවා ඔය පැත්තේ. මේ ඉන්නේ මගේ අමාත්‍යාංශ ලේකම්තුමා කිත්සිරි මහත්තය. එයත් ගාල්ලේ... කියමින් රනිල් දරුවන් හා ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියේය. මේ කතාබහ අතරේ ළමෝ අගමැතිවරයා ළඟට කිට්‌ටු වී "සෙල්ෆි ෆොටෝ" ගැනීම ද විශේෂත්වයකි.

අගමැති එතැනින් නික්‌ම ඇතුළට යන විට ඔහු හමුවන්නට වෙනම නිලධාරීහු පිරිසක්‌ සිටියහ. රනිල්a ඔවුන් හා කතාබහට වාඩි වූයේය. අමාත්‍යාංශ ලේකම්වරු පිරිසක්‌ ද එතැන සිටියහ.

නිලධාරීන් අවධානය යොමුකරමින් කතා කළේ පාර්ලිමේන්තුව විසුරුවීම දවසින් දවස කල් හැරීම ගැනය. මෙතැන සිටි සමහර එජාප මන්ත්‍රීවරු ඒ ගැන තරමක්‌ තදින් කතා කළ අතර නිලධාරීහු ද ඊට අනගි සහයක්‌ දෙමින් විස්‌තර කතා කළහ. රනිල් ඉවසීමෙන් සියල්ල අසා සිට අවසානයේ මෙසේ කීවේය.

හරි.. ජනාධිපතිතුමා ඉක්‌මනින්ම විසුරුවාවි. ඔහුට වෙන විකල්පයක්‌ නෑ.

මෙහිදී සමහර ඇමැතිවරු හකීම්ගේ වාග් ප්‍රහාරය ගැන කතා කළහ. චම්පිකට හා හෙළ උරුමයට හකීම් දුන් උත්තරය බොහෝ දෙනකුගේ පැසසුමට ලක්‌වුවත් රනිල් ඉවසීමෙන් අසා සිටියා මිස කිසිවක්‌ කීවේ නැත.

කෙසේ වෙතත් මෙම කතාබහේදී කාගේත් ලොකුම මාතෘකාව වූයේ 20 වන සංශෝධනයයි. 20 වන සංශෝනය ගැන කල්තැබීමේ විවාදයේදී නිමල් සිරිපාලගේ හා විපක්‍ෂයේ ලොකු පසුබෑමක්‌ තිබූ බව සමහර මන්ත්‍රීවරු කීහ.

මේ අයුරින් ගියකතාබහ තවත් විටකදී "කොළඹ පේමන්ට්‌ වෙළඳාම" පැත්තට ද ඇදී ගියේය. කොළඹ නගරාධිපති යළි පේමන්ට්‌ වෙළ¹ම ඇරඹීම ගැන දේශපාලනඥයෝ හා නිලධාරීහු එක එක කතා කීහ.

මේක හොඳ වැඩක්‌. අපේ ඡන්දදායකයෝ තමයි හුඟක්‌ම පේමන්ට්‌වල වෙළඳාම් කළේ එයාලට පහුගිය කාලේ යන එනමං නැති වුණා... මන්ත්‍රීවරු කීහ.

හොඳ නරක මෙසේ කතාවෙන අතර රනිල් තම විවෘත අදහස කියා පෑවේය.

ප්‍රධාන පාරවල්වල වෙළඳාම තහනම්. කොළඹ ඕල්කට්‌ මාවතේ වෙළඳාම තහනම්. නමුත් පළමුවන හරස්‌ වීදිය, දෙවන හරස්‌ වීදිය, මල්වත්ත පාර වගේ තැන්වල වෙළඳාම ගැන මට ප්‍රශ්නයක්‌ නෑ. පේමන්ට්‌ හා සාප්පු අතර මේ නිසා තරගයක්‌ ඇති වෙනවා. ඒක පාරිභෝගිකයටත් වාසියි. මේ වෙළඳාම සුද්දගේ කාලේ ඉඳලා තිබුණ දෙයක්‌. මේවා නතර කරන එක වැරදියි. ඔය ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය වගේ රටවලත් පේමන්ට්‌ වෙළඳාම තියෙනවා නේ. අලුත් දේවල් නෙවෙයි.

මේ අතර රවි කරුණානායක කතා කරමින් පසුගිය ආණ්‌ඩුව ලස්‌සන කළ බව කීවේය.

සර් ගිය ආණ්‌ඩුව මොන තරම් කොළඹ ලස්‌සන කළත් ජනතාව සිටියේ සර් එක්‌කයි... ඒක තේරුම් ගන්න මහින්දලට බැරි වුණා.

නෑ රවී වරද එතැන නෙවෙයි. ගිය ආණ්‌ඩුව කොළඹ ලස්‌සන කරන එක ගැන හිතුවා විතරයි. ලස්‌සන වැඩි කරනවා වගේම කොළඹ ආර්ථිකයත් ජන ජීවිතයත් නංවන්න ඕන. මම බලන්නේ ලස්‌සන ගැන විතරක්‌ නොවෙයි. මම කොළඹ ගැන බලාගන්නම්. ඒ ගැන වැඩපිළිවෙළ තියෙන්නේ මගේ අතේ... රනිල් කීවේය.

මේ අයුරින් මෙම කතාබහ දිගින් දිගටම ඇදී ගියේය.

රාජිත ඇමැති ඇවිත් මහින්ද ළඟ හිටගෙන

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට බ්‍රහස්‌පතින්දාව අතිශයින් කාර්ය බහුල දිනයක්‌ විය. විශේෂයෙන්ම යන්නට විවාහ මංගල උත්සව ගණනාවක්‌ම තිබිණි. සමහර ඒවා කියා තිබුණේ සාක්‍ෂි ලෙස අත්සන් තබන්නටය.

හයදෙනාගේ සමගි කමිටුව හා කළ සාකච්ඡාවෙන් පසුව මහින්ද රාජපක්‍ෂ කෙළින්ම ගියේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයටය. බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ මංගල්‍යයක්‌ නිසා ප්‍රසන්න රණතුංග ද ඊට සහභාගි වූයේ මහින්ද රාජපක්‍ෂ සමඟය.

මේ මංගල්‍ය උත්සවයට සාක්‍ෂි සටහන් කළ මහින්දට ඉතා ඉක්‌මනින් තවත් මඟුල් ගෙදරකට යැමට අවශ්‍ය විය. වෝටර්ස්‌ එඡ් හෝටලයේ තිබූ එයට ද ආරාධනා කර තිබුණේ විවාහ මංගල්‍යයට සාක්‍ෂි වීමටය. මේ නිසා මහින්දත් ප්‍රසන්නත් වෙලාව ඉතිරි කරගෙන ඊළඟට ගියේ බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයටය. එම විවාහය උපාලි පුවත්පත් සමාගමේ "දිවයින ඉරිදා" පුවත්පතේ කර්තෘ අනුර සොලමන්ස්‌ගේ පුතනුවන්ගේ වීම නිසා කලාකරුවෝ, මාධ්‍යවේදියෝ මෙන්ම දේශපාලනඥයෝ ද විශාල පිරිසක්‌ පැමිණ සිටියහ.

මහින්ද නව යුවළ වෙනුවෙන් සාක්‍ෂියට අත්සන් කර තමන්ට වෙන්කර තිබූ මේසයේ වාඩි වී සිටියේ වටකරගෙන සිටි පිරිස හා ඉතා සතුටින් කතා බහ කරමිනි. මහින්ද ළඟ යාබද අසුනේ ප්‍රසන්නය. විමල් වීරවංශ ඇතුළු තවත් මාධ්‍යවේදීන් පිරිසක්‌ ද එතන සිටියහ. කවුරුත් කතාබහ කළේ පසුගිය දිනවල අසන්නට ලැබුණු සිදුවීම් ගැනය. කතාබහ පසුගියදා රාජිතගේ පුත් චතුර සේනාරත්න කළ කතාව වෙත ද යොමු වී තිබිණි. ඒ ගැන කතා කරද්දී මහින්ද හරි ඉවසීමෙන් අසා සිට හරි අපූරු කතාවක්‌ කීවේය.

"ඕක රාජිතගෙ කතාවක්‌ නේ. රාජිත නිතර කියනවා එයා ජනප්‍රිය වුණේ තරුණ කාලේ වේදිකාවේ ඡේ. ආර්. ට ඔන්න ඔය වගේ අභියෝග කර කර කතා කරපු නිසා කියලා. එයාල හිතන්නේ දේශපාලන ප්‍රතිරූපවලට ඔය විදියට ගැහුවාම තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය වනවා කියලයි. ඔය පුත්තරය කළෙත් ඕක නේ. ඒකෙන් මම සවුත්තු වුණේ නැහැනේ. ඒ ළමය නේ සවුත්තු වුණේ. සමහරු මං ළඟටම ඇවිත් කිව්වා ඕකට හොඳ උත්තරයක්‌ දෙන්න කියලා. මං මොකටද ඔය හුඡ්ජ කොල්ලෝ කියන කතාවලට උත්තර දෙන්නේ කියලයි මම කිව්වේ. මම කිව්වා අපේ නාමල්ට. නාමල්වත් ඔය ලඡ්ජ නැති මිනිස්‌සුන්ගේ කතාවලට උත්තර දෙන්න යන්න එපා කියලා.

චතුර සේනාරත්න හිටපු ජනාධිපති සටනට කැඳවමින් කළ පුරසාරම් කතාව මෙසේ ලොකු මාතෘකාවක්‌ වෙද්දී එදින විවාහ මංගල්‍යයන් ජයමංගල ගාථා කී දැරිවියන්a පැමිණ ජනාධිපති මහින්ද සමඟ "සෙල්µs ෙµdටෝ" ගනිමින් කතාබහ කරන්නට පටන් ගත්හ. ඒ අතරතුර තවත් විශේෂ අමුත්තෙක්‌ පැමිණ හිටපු ජනාධිපති මහින්ද ළඟ හිටගත්තේය. ඔහු දුටු ප්‍රසන්න රණතුංග "ඇමැතිතුමා මෙතන වාඩිවෙන්න" යෑයි කියමින් නැගිට තම ආසනය ඔහුට දුන්නේය.

ඒ ලද ඇසිල්ලෙන් එතන වාඩි වී කිසිදු වෙනසක්‌ නොමැතිව සිනාමුසු සුපරුදු මුහුණින් කතාබහ කරන්නට වූයේ අමාත්‍ය රාජිත සේනාරත්නය. දේශපාලන වේදිකාවේ, ජනමාධ්‍ය කැමරා හා මයික්‍රෙµdaන ඉදිරියේ මහින්ද රාජපක්‍ෂට පලු පැලෙන්නට බනින රාජිත, මෙබඳු තැනක කිසිදු වෙනසක්‌ නැතිව පැමිණ මහින්ද සමඟ හිනාවෙමින් කතාබහ කරනු දුටු මඟුල් ගෙදර සෙසු ආරාධිතයෝ වික්‍ෂිප්තව බලා සිටියහ.

ආ රාජිත.... ගියාලු නේද බැසිල්ව බලන්නත්. මට ආරංචි වුණා පැය 2 කටත් වැඩි වෙලාවක්‌ හිටියා කියලා... මහින්ද ඇසීය.

ලොකු ලොකු කතා ගොඩක්‌ ගියානේ සර්... සමහරු කිව්වා බැසිල්ව රට යෑව්වේ මම කියලා. ආපහු ගෙන්න ගත්තේ මම කියල නේ කිව්වේ. බැසිල් මගේ යාළුවා එදා ඉඳලම මම බන්ධනාගාරයේ ඉන්නකම් ගියේ නෑ. එතනින් ආවට පස්‌සේ ගියා කියමින් රාජිත ලොකු විස්‌තරයක්‌ කියන්නට පටන් ගත්තේය.

මේ වන විට තිස්‌ස අත්තනායක, ඩලස්‌ අලහප්පෙරුම, නිමල් සිරිපාල, ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, සරත් වීරසේකර, නාමල් රාජපක්‍ෂ, මනූෂ නානායක්‌කාර, නිශාන්aත වර්ණසිංහ, උදය ගම්මන්පිල ඇතුළු දේශපාලනඥයෝ විශාල පිරිසක්‌ පැමිණ සිටියහ. කලාකරුවෝ හා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ද ඒ තරමටය.

මහින්ද රාජපක්‍ෂ තව ටික වේලාවක්‌ සිට අමුත්තන් සමඟ කතාබහ කර එතනින් පිටව ගියේ තවත් තැන් කිහිපයකට යැමට ඇති බව කියමිනි.

මෙම මඟුල් ගෙදරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණියේ දවල්ය. ඔහු පැමිණෙන විට දේශපාලනඥයෝ වැඩි දෙනෙක්‌ පිටව ගොස්‌ය. තිලංග සුමතිපාල ද ඔහු සමඟ සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම අවස්‌ථාවට සහභාගි වන්නට ආවේ තරමක්‌ ප්‍රමාද වී 2.00 ට පමණය. ඒa වන විට ජනාධිපතිවරයා ද පිටව ගොස්‌ය. රනිල් හිතවත් පුවත්පත් කතුවරුන්ට ආචාර කර සතුට පළ කර නව යුවළට සුබ පතා ආපසු ගියේ සැලකිය යුතු වෙලාවක්‌ සිටියාට පසුවය.

විශ්‍රාමිකයන් වෙනුවෙන් කරු මැදිහත්වෙලා

අපේ රටේ රාජ්‍ය සේවයේ යෙදී සිට විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න කවදත් විසඳුණේ ඉතා අඩු වේගයකිනි. සමහර විට විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න දවසින් දවස විසඳුම් නොමැතිව එක තැන පල්වූ බවටද චෝදනා තිබිණි.

වැටුප් විෂමතාව මේ අයුරින් දිගු කලක්‌ තිස්‌සේ උත්තරයක්‌ නොමැතිව එකතැන තිබුණු ප්‍රශ්නයකි. ඒ ගැන සිත් සතුටු කරවන උත්තරයක්‌ දෙන්නට පසුගිය සතියේ කරු ජයසූරිය සමත් වූයේය. ඔහු කීවේ විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්න විසඳන්නට රජය රුපියල් මිලියන 16,000 ක අතිරේක මුදලක්‌ වෙන් කර ඇති බවයි.

මෙම විසඳුමට අනුව ලංකාවේ 330000 පමණ වූ විශ්‍රාමිකයන්ට රු. 3000 සිට 15000 දක්‌වා වූ වැටුප් වැඩිවීම් සිදුව ඇති බව පසුගිය 23 වැනිදා රවී කරුණානායක මුදල් ඇමැතිවරයා සමඟ පැවැත්වූ හෙළිදරව්වකදී මාධ්‍යවලට ප්‍රකාශ කළේය.

23 වැනිදා තවත් විශේෂ සාකච්ඡාවක්‌ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුවෙමින් තිබුණේ කොළඹ පදික වෙළෙඳුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙනි. ඊට තිලංග සුමතිපාල, නගරාධිපති මුසම්මිල්, පොලිස්‌පති ඉලංගකෝන් හා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති පැමිණ සිටියහ. අදාළ නිලධාරීහු ද පැමිණ සිටියහ. ජනාධිපති මෙසේ සාකච්ඡාව පටන් ගත්තේය.

මොකක්‌ද නගරාධිපතිතුමා... කොළඹ පදික වේදිකාවල ආයෙත් වෙළෙඳාම අරඹන්න ඉඩ දීල තියෙනවා කියන්නේ.

අනේ සර්.... මට අගමැති කාර්යාලයෙන් කතා කරලත් ඔය ගැන එක එක තොරතුරු කියනවා නියෝග දෙනවා. ඔබතුමාගේ ඔµsස්‌ එකෙන් කියලත් කතා කරල එක එක උපදෙස්‌ දෙනවා. මේවා කරන්න කියනවා. මට හිතාගන්න බෑ...

මොනවා... කවුද මෙතැන මාවත් විකුණලා නගරාධිපතිට උපදෙස්‌ දීල තියෙන්නේ. කියූ ජනාධිපති ආරක්‍ෂක අංශ යොදවා ඒ වැඩේ කර ඇත්තේ කවුදැයි සොයා බැලුවේ පොලිස්‌පතිගේ ද සහයෝගය ඇතිවය. පණිවිඩ හා දුරකථන අංක සොයා බලද්දී එම බලපෑම කර ඇත්තේ කන්ද උඩරට නියෝජනය කරන, තමන්ම පත්කළ එක්‌තරා සම්බන්ධීකරණ ලේකම්වරයකු බව සැක හැර දැන ගත්තේය.

කවුරු කළත් මගේ නම පාවිච්චි කරල ඔය වගේ දේවල් වෙන්න මම ඉඩ තියන්නේ නෑ. පදික වේදිකාව තියෙන්නේ වෙළෙන්දන්ට නොවෙයි. පදිකයන්ට. මමයි මේ රටේ පරිසර ඇමැති පරිසරය අපවිත්‍ර කරන්න කාටවත් මම ඉඩ තියන්නේ නෑ. අන්න ඒක මතක තියාගන්න. ජනාධිපති කීවේය.

ඉන්පසුව තිලංග සුමතිපාල කතා කළේය.

රඹුටන් කාලෙට පාරෙ රඹුටන් විකුණනවා. නත්තල් කාලෙට නත්තල් ගස්‌. වෙසක්‌ කාලෙට වෙසක්‌ කාඩ්, කූඩු. අපි කතා කරන්නේ ඒ තාවකාලික වෙළෙන්දෝ ගැන නොවෙයි. කොළඹ නගර අලංකරණ ව්‍යාපෘතියේදී අනවසර වෙළෙඳසල් 3178 ක්‌ ඉවත් කරල එයාලට වෙළෙඳසල් පවත්වාගෙන යන්න නිසි තැන් ලබාදුන්නා. ඒ ප්‍රශ්නය ඉවරයි. දැන් ආයෙත් දේශපාලන උවමනාකම්වලට ඒ මිනිස්‌සු අනාථ කරන්න එපා කියලයි අපි කියන්නේ.... තිලංග කීවේය.

මේ අතර පසුගිය අඟහරුවාදා දහවල් ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ රැස්‌වීමක්‌ සඳහා වෙනදා එහි නොඑන පිරිසක්‌ පැමිණ සිටියහ. ඒ පිරිස අතර අධ්‍යාපනඥයන්, මහාචාර්යවරු, ආචාර්යවරු ටියුෂන් ක්‍ෂේත්‍රයේ විශේෂඥවරු, අධ්‍යාපන පර්යේෂකයන් විශාල පිරිසක්‌ පැමිණ සිටියහ. ඔවුන් පැමිණ තිබුණේ ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති රුවන් විඡේවර්ධන සමඟ බස්‌නාහිර පළාත් අධ්‍යාපන මට්‌ටම ගැන සාකච්ඡාවකටය. ඔවුන් පෙන්වා දුන්නේ වසරින් වසර බස්‌නාහිර පළාත් අධ්‍යාපන මට්‌ටම පහත ගොස්‌ දැන් හිමිව ඇත්තේ 7 වන තැන බවකි.

"අපි තරුණයෝ ගැන කතා කරන්න කලින් ළමයින්ගේ අධ්‍යාපන මට්‌ටම ගැන කතා කරන්න ඕන. මොකද අපි අනාගතයේදී තරුණයන් ලෙස අමතන්නේ අද සිටින අන්න ඒ දරුවන්ට. ඒක නිසා මට ඕන තරුණයන් නංවන්න කලින් අනාගත තරුණයන් වන මේ ඉන්න දරුවන් ගේ අධ්‍යාපනය නංවන සැලසුමක්‌. රුවන් ඒ අධ්‍යාපනඥයන්ට කීවේය. රුවන් විඡේවර්ධන වෙනුවෙන් එම හමුව සම්බන්ධීකරණය කර තිබුණේ ඔහුගේ දේශපාලන හා තරුණ කටයුතු පිළිබඳ ලේකම් රන්ජන් බණ්‌ඩාරය. එම සාකච්ඡාව ඉතා සාර්ථකව ඇදී ගියේ අනාගත සැලසුම් ගැන ද කතා බහ කරමිනි.

මහින්ද හදිසියේ රහසිගත ගමනක

බ්‍රහස්‌පතින්දා හවස ප්‍රසන්න රණතුංගගේ මහ ඇමැති නිල නිවසේ තිබූ රාත්‍රි සාදයට ශ්‍රීලනිප මහින්ද පිලේ මන්ත්‍රීවරු 87 දෙනෙක්‌ පැමිණ සිටියහ. සාදය එක්‌තරා මට්‌ටමක හමුවකි. මහින්ද රාජපක්‍ෂ සමඟ නිදහසේ කතා බහ කළ හැකි සාකච්ඡාවක්‌ ලෙස සැලකුවාට ද වරදක්‌ නැත.

මෙය සංවිධානය කළේ මහින්දානන්ද අලුත්ගමගේය. රාත්‍රි 8.30 ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙතැනට පැමිණියේය. ඔහු පිළිගෙන මුලින්ම සභාව අමතා කතා කළේ මහින්දානන්දය.

මේක සුහද හමුවක්‌. අරමුණ හිටපු ජනාධිපතිතුමාත් එක්‌ක සුහදව කතා කිරීම. අපි මෙතැන තහනම් කරනවා දේශපාලනය කතා කිරීම. දේශපාලනය ගැන කතා නොකර අපි අද සුහදව කතා කරමු. මහින්දානන්ද කීවේය.

ඉන් පසුව කතා කළේ මහින්ද රාජපක්‍ෂය.

මම මේ දවස්‌වල පන්සල් යනවා. මට දැන් හොඳට ගාථා කට පාඩම්. ඕන්නම් මෙතන බෝධි පූජාවක්‌ වුණත් කියාගෙන කියාගෙන යන්න පුළුවන්. දේශපාලනය ගැන කතා කරන්න තහනම් නිසා අපි ඒවා ගානට කතාබහ කරමුද?

ඒ වුණාට මේ ඉන්න මන්ත්‍රීවරු එක්‌ක දේශපාලනය ගැන කතා නොකර වෙන මොන එකක්‌ ගැනද කතාබහ කරන්නේ කියා මහින්ද සිය දේශපාලන කතාව පටන් ගත්තේය.

ඉස්‌සර බණ්‌ඩාරනායක මහත්තයලා අපේ ඩී. ඒ. රාජපක්‍ෂ මහත්තයලා යූ ඇන් පී එක කඩාගෙන ඇවිත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කියල දෙයක්‌ හැදුවා. එදා ඒ උත්තමයලා අලුත් පක්‍ෂයක්‌ හැදුවේ ඒක අරන් ගිහිල්ලා යූ එන් පී එකෙ උකුලේ කියල නළවන්න නොවෙයි. අපි ඒක මතක තියාගන්න ඕන. අද සමහරු ඒක කරන්න යන බව මට පේනවා. අපිට බෑ පාක්‍ෂිකයෝ විදියට ඒ දේ වෙනවා බලාගෙන ඉන්න. ඉතිහාසයේ අපි හුඟාක්‌ දුක්‌ වින්දා. කැපවීම් කළා. අද යු ඇන් පී එකයි සමහර අපේ අයයි එකතුවෙලා අපෙන් පළිගන්න පටන අරන්.

මේ විදිහට කතාව පටන්ගෙන ටික දුරක්‌ ගිය මහින්ද පුංචි ගමනක්‌ තිබෙන බව කියා කතාව නතර කළේය.

මට දැන් පුංචි ගමනක්‌ යන්න තියෙනවා. පැයක්‌ විතර යනවා ගමනට ගිහිල්ලා හම්බ වෙන්න ඕන අය හම්බවෙලා මම ආපසු මෙතැනටම එනවා.

එසේ කියූ මහින්ද තරමක්‌ කඩිනමින් නිල නිවසින් පිටත්ව ගියේය. පිටව ගිය පසුත් සාදය පැවැත්විණි. ආහාර පාන, රස මසවුල ගත උණුසුම් කරවන පාන වර්ග ආදී හුවමාරු වූයේ ඉන් පසුවය.

හිටපු ජනාධිපතිවරයා හදිසියේම කොහේද ගියේ කියන කුතුහලය සමහරුන්ට තිබුණත් ටික දෙනෙක්‌ ඒ බව දැන සිටි බව පෙනෙන්නට විය. මහින්ද - මෛත්‍රී රහසිගත සාකච්ඡාවක්‌ ඒ මොහොතේ විශේෂ තැනක පැවැත්වෙමින් තිබෙන බවට කසු කසුවක්‌ සභාව හරහා පැතිර ගියේය. එම සාකච්ඡාව කථානායක නිල නිවසේ සිදුවන බව ද කණින් කොනින් ඇසෙමින් තිබිණි.

නික්‌ම ගොස්‌ පැය 1 1/2 කට පසු මහින්ද රාජපක්‍ෂ යළි මහ ඇමැති නිල නිවසේ සාදය වෙත පැමිණියේ සිනාමුසු මුහුණින් යුතුවය. ගිය වැඩේ හරි වගේ සාකච්ඡාව සාර්ථකයි. සමහරු කියන්නට වූහ. මහින්ද පැමිණ සියලුම මන්ත්‍රීවරු එක ශාලාවක එක මේසයක්‌ වටා එකතු කර ගත්තේය.

විනාඩි ගණනාවක්‌ තුළ පැවැති එම සාකච්ඡාවට පිටස්‌තර කිසිවකු ගියේ නැත.

ඉන්පසුව සියල්ලෝම යළි එළියට පැමිණ සාදයට සහභාගි වූහ. ජනාධිපති මහින්ද ඔවුන් සමඟ ඉතා සැහැල්ලුවෙන් හා සතුටින් කතාබහ කරමින් මධ්‍යම රාත්‍රිය ද ඉක්‌ම ගොස්‌ පාන්දර 1.00 පමණ වනතුරු රැඳී සිටීම විශේෂත්වයකි.

පෙරේදා රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයාත්a ජනාධිපතිවරයාත් අතර රහසිගත සාකච්ඡාවක්‌ පැවැති බවට තොරතුරු සිකුරාදා උදේ පත්තරවල පළවිය. ඉතා සතුටුදායක ලෙස එම සාකච්ඡාව පැවැති බවට තොරතුරු හෙළි වී තිබිණි. නිසැකවම නුදුරේදී මහින්ද - මෛත්‍රී එකමුතුවක්‌ වන බවට කතාව සමාජය පුරා පැතිර යද්දී ජනාධිපති කාර්යාලයේ කරුණු පැහැදිලි කිරීමේ ලිපි පත්තර කන්තෝරු වෙත ලැබෙන්නට පටන් ගෙන තිබිණි.

ඒ ලිපිවල සඳහන් කර තිබුණේ එබඳු සාකච්ඡාවක්‌ පෙරදා රාත්‍රියේ කථානායක නිල නිවසේ නොපැවැත්වුණු බවකි....

බුලිත ප්‍රදීප් කුමාර

No comments:

Post a Comment