Friday, June 26, 2015

මතට හිතවත් අපේක්‍ෂකයන්ගේ පැටිකිරිය හෙළිවෙන වැඩක්‌ එයි

මතට හිතවත් අපේක්‍ෂකයන්ගේ පැටිකිරිය හෙළිවෙන වැඩක්‌ එයි

ජයසූරිය උඩුකුඹුර

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලට තරග කරන අපේක්‍ෂකයන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධද නැද්ද යන්න පිළිබඳ වාර්තාවක්‌ ලබාදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලය සූදානම් වෙයි.

ඕනෑම දේශපාලන පක්‍ෂයක්‌ තම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයන් පිළිබඳ මෙම වාර්තාව ලබා දෙන ලෙස ඉල්ලීමක්‌ කළ හොත් එය ලබා දිය හැකි බව මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට හෝ දූෂණ වංචාවන්ට සම්බන්ධ නැති උගත් බුද්ධිමත් අය පමණක්‌ ඉදිරි මැතිවරණවලදී අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කරන ලෙස මහනාහිමිවරුන් දේශපාලන පක්‍ෂ නායකයන්ගෙන් කර තිබූ ඉල්ලීමකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නැති පුද්ගලයන් සඳහා සහතිකයක්‌ ලබාදීමට අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලය සූදානමින් සිටී.

No comments:

Post a Comment