Friday, June 26, 2015

සෝමවංශ ගේ පක්‌ෂයේ මංගල සමුළුව අද

සෝමවංශ ගේ පක්‌ෂයේ මංගල සමුළුව අද

සිරිමන්ත රත්නසේකර

ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන නව දේශපාලන පක්‌ෂයේ මංගල සමුළුව අද 27 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.

මෙම සමුළුව සැසිවාර දෙකක්‌ යටතේ පැවැත්වෙන බව සෝමවංශ අමරසිංහ මහතා සඳහන් කළේය.

පළමු සැසිය මහජනයාට හා මාධ්‍යවේදීන්ට විවෘත අතර දෙවන සැසිය පක්‌ෂ සාමාජිකයන්ට පමණක්‌ විවෘත වේ.

පක්‌ෂයේ නම පක්‌ෂ සාමාජිකයන්ගේ අනුමැතියෙන් පසු එළිදක්‌වන බව සෝමවංශ අමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 

No comments:

Post a Comment