Friday, June 26, 2015

එජනිසයට සියලු පක්‍ෂවල සහාය ගන්න අට පුද්ගල කමිටුවක්‌ - සභාපති එස්‌.බී.

එජනිසයට සියලු පක්‍ෂවල සහාය ගන්න අට පුද්ගල කමිටුවක්‌
- සභාපති එස්‌.බී.

කුෂාන් සුබසිංහ

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට සම්බන්ධ සියලු පක්‍ෂවල සහාය ලබා ගැනීමේ අරමුණින් ඇමැති එස්‌. බී. දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් අට පුද්ගල කමිටුවක්‌ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (26 වැනිදා) පත් කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (26 වැනිදා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කර තිබේ.

කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, සරත් අමුණුගම, රෙජිනෝල්ඩ් කුරේ, මහින්ද සමරසිංහ, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල මහත්වරුන් පත් කර ඇත. මෙම කමිටුව අනිද්දා (29 වැනිදා) පළමු වරට රැස්‌වීමට නියමිතය.

No comments:

Post a Comment