හැදුනත් එකට වැලි කෙළියේ සිට එකට
රැඳුනත් එකම චීවරය හිස මුඩු කොට
හිතගත් මිසටු බව දැමු සිහිමුලා කොට
දෙව්දත් ගියේ නිරයට බිම දෙබෑකොට
එවන් නිරයකට ඔබලා වඩිනු එපා
රට කෑවත් දානය නොකා ඉන්න එපා
තව දුරටත් අපට පව් පුරවන්න එපා
මෙලෝ රහක් නැති වැදිබණ දෙසනු එපා
සිහිකොට ජාතකය කළ නුඹෙ අප්පච්චී
සමාව ගනින් දුරුකොට කෙබර තෙපුලච්චී
චුතවී ගොසින් අපෙ දෑහෙන් පල්වෙච්චී
වැඩියොත් යෙහෙකි නොරැඳි මිසදිටු වෙච්චී
Like ·
Share
No comments:
Post a Comment