Monday, June 29, 2015

ශ්‍රීලනිප අයිතියට අභියෝග කරමින් මහින්ද පිල නඩු මඟට

ශ්‍රීලනිප අයිතියට අභියෝග කරමින් මහින්ද පිල නඩු මඟට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අයිතිය අභියෝගයට ලක්‌කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් කණ්‌ඩායමක්‌ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට සූදානම්ව සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය.
මෙසේ නඩු පවරන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නමින් සහ අත ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමේ අවස්‌ථාව අහෝසි කිරීමට උපක්‍රමයක්‌ වශයෙන් බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් කිහිපදෙනකු මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ බුලත් කොළයෙන් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදීමට සූදානම්ව සිටින නිසා මෙසේ ශ්‍රීලනිපයේ අයිතිය අභියෝගයට ලක්‌කරමින් නඩු පැවරීමට සූදානම් වන බව ද එකී ආරංචි මාර්ග අනාවරණය කළේය.
මෙසේ ශ්‍රීලනිපයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කළ විට ඒ යටතේ නාමයෝජනා ලබාදීම ගැටලුවක්‌ වන නිසා ශ්‍රීලනිප බහුතරයට එජනිස යටතේ තරග කිරීමට අවස්‌ථාව ලබාගැනීම මෙහි අරමුණ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
– දිවයින

No comments:

Post a Comment