Wednesday, June 24, 2015

මහින්ද මඩ ගසන පොතේ කතෘ මමයි.. ඔහුට දුන්නොත් එන ඡන්දෙන් ශ‍්‍රිලනිපය අන්ත පරාදයි..

මහින්ද මඩ ගසන පොතේ කතෘ මමයි.. ඔහුට දුන්නොත් එන ඡන්දෙන් ශ‍්‍රිලනිපය අන්ත පරාදයි.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැඩිව විවේචනය කරමින් මුද්‍රණය කර ඇති ‘මේ ගැනත් සිතන්න’ පොත් පිංචේ කතෘ තමා බවත් ඒවා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සෑම රැස්වීමකදීම බෙදා හරින බවත් ඇමති එස්.බී. දිසානායක මහතා අද කොළඹ ශ‍්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
එසේම එහි තවත් පිටපත් 25,000 ක් ගිය සතියේ මුද්‍රණය කර බෙදාහැරි බවද කී ඇමතිවරයා එන මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රිලනිපයෙන් ඉදිරිපත් කලහොත් සුළු ජාතික ඡන්ද අහිමි වී පක්ෂයට අන්ත පරාජයක් හිමිවන බවද පැවැසීය.

No comments:

Post a Comment