Wednesday, June 24, 2015

ග්ලෝබල් ටැමිල් ෆෝරම් (GTF) ප‍්‍රධාන කාර්යාලය කොළඹට.. මහල් ගොඩනැගිල්ලක් මිලට ගන්න යයි..

ග්ලෝබල් ටැමිල් ෆෝරම් (GTF) ප‍්‍රධාන කාර්යාලය කොළඹට.. මහල් ගොඩනැගිල්ලක් මිලට ගන්න යයි.. කොටි විදෙස් ජාලයට සමීප සබදකම් ඇති ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධාන කාර්යාලය කොළඹ නගරයේ පවත්වාගෙන යාමට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට එම සංවිධානය සූදානම් වන බව රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.
උන් වහන්සේ පවසන්නේ තමන් වහන්සේ මෙම තොරතුරැ ලැබුනේ කැනඩාවේ පවත්වාගෙන යන සංවිධානයක් හරහා බවයි.
ඒ අනුව ඉදිරි මාස කිහිපයේදී මෙරට පැවැත්වීමට නියමිත ඩයස්පෝරා සමුළුවෙන් පසු මහල් ittekande-saddathissa-fixකිහිපයකින් සමන්විත ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට ගෝලීය දෙමළ සමුළුව සැලසුම් කර ඇති බවද පවසන එහිමියෝ එහි කටයුතු මෙරට සිට පවත්වාගෙන ගියහොත් රටට අහිතකර ප‍්‍රතිඵලවලට මුහුණදීමට සිදුවනු ඇති බවද අවධාරණය කරති.

No comments:

Post a Comment