Wednesday, June 24, 2015

මහින්දට නොදුන්නොත් කරන දේ දන්නවා.. ප‍්‍රසන්න තවත් අඩියක් තියයි..

මහින්දට නොදුන්නොත් කරන දේ දන්නවා.. ප‍්‍රසන්න තවත් අඩියක් තියයි.. රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව පලවා හැරීම සදහා තව දුරටත් කල්මැරිය නොහැකි බවත් මෛතී‍්‍ර, මහින්ද සමගි කළ නොහැකි නම් කළ යුත්තේ කුමක්දැයි තීරණය කිරීමට කාලය එළඹ ඇති බවත් බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකත්වය මහින්ද මහතාට ලබා  දී මහ මැතිවරණය මෙහෙයවීමේ වගකීම මහින්ද මෛතී‍්‍ර දෙදෙනාම එක්ව ගත යුතු බව පෙන්වා දෙන රණතුංග මහතා එය සිදු වුණත් නොවුණත් තව පොහොය දෙක තුනක් ඇතුලත මහින්ද රාජපක්‍ෂ රජයක් බිහිවන බව අවධාරණය කරයි.
බස්නාහිර පළාත් සභාව මගින් පළාතේ අඩු ආදායම් ලාභීන්ට නොමිලේ ඇස් කන්නාඩි ලබා දීමේ ව්‍යාපෘතියේ මිනුවන්ගොඩ මැතිවරණ බල ප‍්‍රදේශයේ වැඩසටහනට එක් වෙමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ඇමතිවරයා මෙසේද කීවේය.
‘පසුගිය ජනාධීපතිවරණයේදී මිනිස්සු අතර වෛරයක් ඇති කෙරෙව්වා රාජපක්‍ෂ ආණ්ඩුව ගැන. වෛරය ඇති කළේ ඇත්ත කියලා නෙවෙයි. බොරු කිය කියා. ඉස්සෙල්ලාම පටන් ගත්තේ මහින්ද මහත්තයාගෙන්. 10% කොමිස් ගන්නවා කියලා මහින්ද මහත්තයාට හොරා හොරා කියන්න ගත්තා. නාමල් මන්ත‍්‍රීතුමාට ලැම්බොගිනි කාර් තියෙනවා කිව්වා, රත්තරං අශ්වයෝ තියෙනවා කිව්වා. මේ තමන්ගේ දරුවාව යුද්දෙට භාරදීපු මහින්දට එරෙහිව ඇති කරපු මතවාද. මිනිස්සු හිතුවා ඇත්ත තමයි කියලා. ඒ නිසා බඩු මිල අඩු කරන්න වෙනසක් කරන්න මහින්ද මහත්තයට විරුද්ධව ඡුන්දය දුන්නා.
දැන් වෙනස සැපද ? බඩු මිල අඩුද ? පරිප්පු 230/- යි, හාල්මැස්සෝ 375/- සැමන් කීයද? 250ය/- යි. බඩු මිල වැඩි උණාම ඇග රිදෙනකොට බොන්න ඉස්සර කොත්තමල්ලි වත් අඩුවට තිබුනා. දැන් ඒකත් ගණං වැඩි වෙලා. යුද්ධය අමතක කරලා මෛත‍්‍රීපාල ජනාධිපති කරලා රනිල් අගමැති කළා ලාබෙට කන්න. දැන් මෛත‍්‍රීපාල මහත්තයාටත් වැඬේ පාලනය කරන්න බෑ.  වෙනස සැපද ? දැන් සනීපද ?
දැන් මේ ආණ්ඩුව පොලිස් ආරක්ෂාව ඇතිවයි නිදං කොල්ල  කන්නේ. පොලිසිය ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් තමයි ඊයේ පෙරේදා නිදං මංකොල්ල කෑමක් සිදුවෙලා තියෙන්නේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාට අපි අභියෝග කරනවා පුළුවන්නම් මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ගම් හෙලි කරන්න. රන්දීර් කියන්නේ කවුද ? ඔහු ජොන් අමරතුංගගේ කවුද ? පොලිස් ජෝන් ආපු ගමන් වත්තල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිට ගැහැව්වා, දිවුලපිටිය සභාපතිගේ ගෙදරට ගිනි තිබ්බා. දැන් යහපාලනය කෙරෙනවා නියමෙටම. පොලිසිය කලින්ම ගිහිල්ලා ගමට කියනවා අපි දැනුවත්වයි මේක කරන්නේ කලබල වෙන්න එපා කියලා. යහපාලන ආණ්ඩුව යටතේ හොරකම
අපේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මහින්ද මහත්තයට පිටිපස්සෙන් පිහියෙන් ඇනපු අය රනිල්ගේ ආණ්ඩුව ශක්තිමත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. දැන් ඒ අය රනිල් ගාව ඉන්නේ හරියට පූස් පැටව් වගේ. මට නම් කීයටවත් එතන හිට ගන්න බෑ.
සමහරු කියනවා මහින්ද මහත්තයා බලයට කෑදරයි කියලා. මේක කියන්නෙත් යූ.ඇන්.පී කාරයෝ. මහින්ද මහත්තයා බලයට කෑදර කෙනෙක් නම් එතුමා 9 වෙනිදා මැදමුලනට යන්නේ නෑ. 9 වෙනිදා උදේ මම එතුමා බලන්න ගියා. 9 වෙනිදා 5.30 – 6.00 වෙද්දි මහින්ද මහත්තයා ජනාධිපති මන්දිරයට ගියා. හවස 2.00 ක වෙද්දි මන්දිරයෙනුත් යන්න කියලා නියෝගයක් ආවා. බඩුටික කන්ටේනර් එකකට පටවල එතුමා මැදමූලනට ගියා. සෙනග ජනතාව මැදමූලනට ගිහිල්ලා අ`ඩපු හැටි මම දැක්කා යහ පාලනයට ඡුන්දේ දීපු අයත් එතන හිටියා.
මහින්ද මහත්තයා පැරදුනාට පස්සේ පක්‍ෂය දෙකඩ වෙයි කියලා බයටයි මෛත‍්‍රීපාලන සිරිසේන ජනාධිපතිවරයාට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බාර දුන්නේ. අපි හිතුවා එතුමා පක්‍ෂය රකියි කියලා රනිල්ට අගමැතිකම දීලා ඔහුව ශක්තිමත් කරන්න අපේ අයටත් ඇමතිකම් දුන්නා. ඡුන්දේට ඉස්සෙල්ලා කිව්වේ ඇමතිකම් 30 යි දෙන්නේ කියලා. දැන් 82 යි, අපි මහින්ද අගමැති කරන්න රත්නපුරේ රැුස්වීමට යනකොට ඔන්න රත්නපුරේට ඇමතිකම් අපි මාතරට යනකොට අපේ අයටත් ඇමති කම් හෙට අනිද්දා අපි ගම්පහට හරි අම්පාරට හරි යනවා. අපි බලන් ඉන්නේ එතකොට කාටද ඇමති කම් ලැබෙන්නේ කියලා
මට තව අවුරුදු 4 ක් මහ ඇමති කමේ ඉන්න පුලූවන්. හැබැයි මේ ආණ්ඩුව අපේ පාක්‍ෂිකයන්ට හිරිහැර කරද්දි මට ඒක බලන් ඉන්න බෑ. ඒකයි මම තනතුරට  ඕන දෙයක් වෙන්නැයි කියලා මේ තීරණය ගත්තේ. නුගේගොඩ රැුස්වීමට නගිනකොට මගේ සහෝදරයෝ යාලූවෝ මේක කරන්න එපා කිව්වා. තනතුර නැතිවෙයි කිව්වා. ප‍්‍රශ්න ඇතිවෙයි කිව්වා හැබැයි මම ජනතාව වෙනුවෙන් ඒ තීන්දුව ගත්තා රුවන් රණතුංග මන්ත‍්‍රීතුමාලා, අර්ජුන රණතුංග මහත්තයා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග යහපාලනේ. හැබැයි මම ඉන්නේ මහින්ද මහත්තයාත් එක්ක. අනේ සර් කියලා දෙකට නැමිලා, වැදලා මෛත‍්‍රීපාල මහත්තයා ගාවට ගියා නං මම සැපට ඉන්නවා. මහ ඇමතිකමට ප‍්‍රශ්න  එන්නෙත් නෑ. ඒත් මට එහෙම ඉන්න බෑ. මොකද මම රෙජී මහත්තයාත් එක්ක දේශපාලනය කලේ අවුරුදු 15 වේ ඉදන්. තාත්ා දේශපාලනයේදී හිතපු පතපු විදිය මම දන්නවා. අයියලා කොළඹ කි‍්‍රකට් ගහනකොට මම ගමේ ඉදන් තාත්තාත් එක්ක දේශපාලනය කළා. තාත්තා හැමදාම කිව්වේ මිනිස්සුන්ගේ පැත්තේ හිට ගනින් කියලා. තාත්තත් එක්ක විපක්‍ෂ දේශපාලනය කරපු මට මේවා ඒ හැටි දේවල් නෙවෙයි. මට තිබුණේ තෝරා ගැනීමක් කරන්න. මහ ඇමතිකම වෙනුවෙන් මෛත‍්‍රී මහත්තයත් එක්ක හිටගන්නවාද ? මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් මහින්ද මහත්තයත් එක්ක හිටගන්නවාද කියන එකයි මට තෝරගන්න තිබුණේ. සමහරු හිතුවා මම තනිවෙයි කියලා හැබැයි මම දැනගෙන හිටියා මිනිස්සු මහින්ද මහත්තයාට ආදරෙයි කියලා මහින්ද මහත්තයාත් එක්ක ඉන්නකන් මිනිස්සු මාව රකින බවත් මම දන්නවා. තාත්තත් එක්ක මිනුවන්ගොඩ ගම්පහ දේශපාලනය කළේ මම. ගම්පහ මිනුවන්ගොඩ ජනතාව මම ගත්ත මේ තීරණයට ආශිර්වාද කරන බව ස්ථිරයි.
මහින්ද, මෛත‍්‍රී සමගිය ඇතිකරන්න පත් කරපු කමිටුව දිහා බැලූවේ අපි සුභවාදිව. මහින්ද නැතුව ආණ්ඩුවක් පිහිටුවන්න බෑ කියලා තමයි ඊයේ පෙරේදා කොළඹ තිබුණුු අපේ පක්‍ෂයේ මහජන නියෝජිතයන්ගේ සමුළුවේදි 99% කිව්වේ. ඒ නිසයි කමිටුව පත් කෙරුනේ ඒත් පක්‍ෂ ගානේ ගිහින් ඒවා විනාශ කරපු රාජිත සේනාරත්න ඇමතිවරයා කිව්වා, මෙත‍්‍රීපාල ජනාධිපතිතුමා කිව්වා ලූ මහින්ද මහත්තයාට අගමැති අපේක්ෂක කමවත් මන්ත‍්‍රී කමවත් දෙන්නේ නෑ කියලා මහින්ද මහත්තයා  රනිල්ගේ ආණ්ඩුව ගෙදර යවන්න තවත් කල් බල බලා  ඉන්න බෑ. මහින්ද මහත්තයා  තාමත් බලන් ඉන්නේ පක්‍ෂය කඩනන්නේ නැතුව පාක්ෂිකයන්ගේ අපේක්ෂාව ඉටු කරන්න. නමුත් ඒක කරන්න දෙන්නේ නෑ වගෙයි අපිට දැන් දැන් දැනෙන්නේ.
අපි විශ්වාස කරනවා පක්‍ෂයේ සභාපතිවරයා විදිහට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්‍ෂය රැක ගන්න  ඕනේ නම් පක්‍ෂයේ සංවිධාන ව්‍යූහය ශක්තිමත් කරන්න  ඕනේ නම් මහින්ද මහත්තයාට. ඒ අවස්ථාව දෙයි කියලා. එතුමයි පක්ෂයේ සභාපති. ඒ නිසා මහින්ද මහත්තයාට ඒ අවස්ථාව දිය යුත්තේ එතුමයි. මහින්ද මහත්තයට අගමැති අපේක්ෂක කමයි ඉදිරි මහ මැතිවරණ මෙහෙය විමේ වගකීමයි. අනිවාර්යෙන්ම ලබා දිය යුතුමයි. එහෙම දුන්නොත් තව පොහොය දෙක තුනකින් අපේ ආණ්ඩුවක් පිහිටුවන්න පුලූවන්. යම් හෙයකින් මෛත‍්‍රී මහත්තයා බෑ කිව්වොත්, ඒත් තව පෝය දෙක තුනකින් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් පිහිටුවීමට අපි කටයුතු කරන්නවා. මහින්ද මෛතී‍්‍ර සමගි කළ නොහැකි නම් කළ යුත්තේ කුමක්දැයි තීරණය කිරීමට දැන් කාලය හරි.
– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment